
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ව්‍යාපෘති අධීක්ෂණය, ගැටලු විසඳීම සහ උපයෝගී සේවා සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකා රජය සහ CHEC Port City Colombo (Pvt) Ltd සම්බන්ධ කරන ප්‍රධානතම ඒකකය ලෙස කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කටයුතු කරනු ලබයි.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සැලසුම් කර ඇති කාර්යයන් 2027 ජුනි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය. එබැවින්, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් සිදු කරනු ලබන අධීක්ෂණ හා සම්බන්ධීකරණ කාර්යයන් අඛණ්ඩව තවදුරටත් සිදු කළ යුතු බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, එකී ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ මෙහෙයුම් කාලය 2027-06-05 දින දක්වා දීර්ඝ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2465
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරාය නගර සංවර්ධන ඒකකයේ කාලය දිගු කරයි
Toni Tuesday, 25 February 2025 03:14 PM
ඔව් ඉතින් මේ ආණ්ඩුවටනම් තව අවුරුදු සීයක්වත් කල් දාන්න වෙයි .අසමත් ආණ්ඩුවක් නේ