
(ගයාන් සූරිය ආරච්චි)
ව්‍යාජ තෑගි ඔප්පු 19 ක් සකස්කර අන් සතු දේපළ අත්පත් කර ගත් බව කියන වෛද්‍යවරයෙකු සහ ඔහුගේ පියා ඊයේ (25) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචි 28 සහ 63 වියේ පසු වන පිය පුතු දෙපළකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශය IIIට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින්පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූර එක්කම දැන්න ඕනේ මේ වගේ අයගේ..
දොස්තර කිව්වට ඒකත් හොරට හදාගත්තු ඒවා වෙන්න ඇති.. මෙයාලාගේ නම් පිටින් පොටොස් එක්කම දාන්න ඕනේ.. එහෙම වුණාම තමයි කට්ටිය වැරැදි දේවල් කරන්න බය වෙන්නේ...