
(බී.ජි. චතුරංග)
මරදංකඩවල පෙරියකුලම විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් තිබියදී, බඹර කූඩයක් ඇවිස්සී, එහි විභාග රාජකාරියේ යෙදී සිටි ශාලාධිපතිවරයාට , ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාට සහ නිලධාරිනියට බඹරුන් දෂ්ට කර ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි.
බඹරුන්ගේ දෂ්ඨ කිරීම නිසා ශාලාධිපතිවරයා, පොලිස් නිලධාරියා සහ පොලිස් නිලධාරිනියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නැතැයි කියයි. විභාගය අවසන් වූ පසුව, වනජීවී නිලධාරීන් පැමිණ බඹර කූඩය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවද විළවුන් වලට බඹරු එන්නෙ මල්පැණි සදහා මී මැස්සො මල්වලට එනවා වගේනෙ
විභාගයට පෙනී සිටින ළමයින්ට හුඟාක් ආදරේ කරන බමරු ටිකක් වෙන්න ඕනා.