
(අංජුල මහික වීරරත්න)
දූෂණයෙන් තොර පාලනයක් මෙන්ම ප්රජාතන්ත්රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට පත්ව ඇත්තේ ජාතිවාදය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උතුරේ හෝ දකුණේ කිසිදු තැනක යළි ජාතිවාදයට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා කීය.
අපේ විශාලතම ශක්තිය එකමුතුකම බව කී ජනාධිපතිවරයා රටේ ප්‍රධානම ශක්තිය තිබෙන්නේ එකට එක්වන තැන යැයි ද සියලුදෙනා එක් වීමෙන් ශක්තිමත් ලෙස රට ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය.
අතීත උරුමයන් මත පදනම් වූ නව ලෝකයට ගැලපෙන ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් 'Rebuilding Sri Lanka'' වැඩසටහන යටතේ ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීමේ අවස්ථාවට අද (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී එක් වෙමිනි.
නිවාස ඉදිකිරීමේ වැඩසටහන අරඹමින් නව නිවසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් විය.
තුම්පනේ, හාරිස්පත්තුව, හතරලියද්ද, පූජාපිටිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 146ක් වෙනුවෙන් මෙම ප්රතිලාභ පිරිනැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ජාතිවාදය සහ ආගම්වාදය අවුළුවන කහකඩයින් රැලක් ඉන්නවා... එවුන්ව ගෝල්ෆේස් එකට ගෙනල්ලා සිවුරු ගලවලා තට්ටේට තාර ගාලා හිරගෙදරට ගාල් කරන්න ක්‍රමයක් නැද්ද..? ලංකාවේ දේශපාලකයින්වත් නොමග යවන්නේ මේ බඩ ගොස්තරයින් තමයි..
අපේ ඉතිහාසයේ ඉදලාම සිද්ධ වුනේ ජාතිවාදය අවුස්සමින් අපේම සහෝදර ජනතාව බේදබින්න කර අධිරාජ්‍ය වාදීන්ගේ වැඩේ කරගත්තු එක... අද අධිරාජ්‍යවාදීන් ගියාට ඔවුන්ගේ පැටව් මෙහේ ඉන්නවා. ඔවුන් තමයි දැන් ඔය අවුල් කරන්නේ සිංහල කියන ජාතිය ඇතුළට රිංගලා...
ත්‍රීකුණාමලේ ජාතිවාදය අවුලපු අයට අමතක නොවන පාඩමක් ලැබුණා. බුදු පිළිම ගස්යට තියලා ඉඩම් අල්ලගන්න හදන අයට එපා වෙනතුරු ඇතුලේ ඉඳලා එන්න පුළුවන්. මේක කරේ තියාගෙන ගියපු විපක්ෂයට කතා නැහැ..
අනිවාර්යයෙන්ම... ජයවේවා...
පික්පොකට් ගහපු හොරාම කියනවා අන්න පික් පොකට් ගහනවා කියලා.
ඇත්තටම ජාතිවාදය අන්තවාදය පතුරවමින් ඉන්නේ ඔබතුමානේ. යාපනයට ගියාම ඵකක් දකුණට ආවාම තව එකක්. මොකක්ද මේ වෛරී දේශපාලනය ඔබගේ... ?