
(සමන් පාලිත නානායක්කාර )
ඇඹිලිපිටිය සිට බලන්ගොඩ හරහා බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (27) පස්වරුවේ හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනකු, කාන්තාවන් පස්දෙනෙකු ඇතුළු අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
එම පිරිස හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවූ බවද හල් දුම්මුල්ල පොලිසිය කියයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ. පාරෙන් ඉවතට පැන වෑන් රථය යතුරු පැදියක් ද යට කරගෙන නිවසක් ඉදිරි පිටට පෙරළී තිබූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වැඩ බැරි ආණ්ඩුව හින්දාවෙලා තියෙන්නේ... ඕක ඉක්මණට බයියෙක් කියයි දැන්...!
ඕකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ මේ වැඩ බැරි ආණ්ඩුව