
(පද්මසිරි ගාර්දියවසම් )
කිරින්ද ,අදගලවැල්ල අබලන් සපත්තු බෝක්කූව අසලදී වනඅලියෙකු පහරදීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .
මෙම ධීවරයා මාගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට ධීවර රැකියාවේ යෙදීමට කිරින්ද ධීවර වරායට පාපැදියකින් පැමිණෙමින් සිටියදී අද (10) අලුයම වන අලියා පහරදී ඇතැයි පොලිසිය කියයි.
වනඅලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාගම ,පට්ටියවෙල යාය ලිපිනයේ පදිංචිව සිටි සිංගක්කාර ගණිතගේ ගුණතිලක නමැති 55 හැවිරිදි ධීවරයාය .
ජීවිතක්ෂයට පත් ධීවරයාගේ දේහය දෙබරවැව මූලික රෝහලට රැගෙන විත් තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතේ පැතුම් ගොඩක් තියාගෙන පවුලක් නඩත්තු කරන්න හිතාගෙන රැකියාවට ගිය දයාබර පුද්ගලයකුගේ අවාසනාවන්ත ඉරණම. ඔහුට නිවන් සුව පතමි.