
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 18.3 ක සැලකිය යුතු වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
පසුගිය වසරේ පළමු මාස හතරේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක මුදලක් මෙරටට ඒවා තිබිණි.
එසේම මෙම වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එයද පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් විය.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8 ක මුදලක් මෙරටට ඒවා තිබිණි.
පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන 314,828 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.8 ක වර්ධනයක්ද විය.
එසේම පසුගිය වසරේ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා රුපියල දැඩිව කඩා වැටීමට ලක්වූ 2022 වසරේ රැකියා සඳහා විදේශගත වූ 310,953 ක පිරිසද ඉක්මවා ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොනවද හම්බවෙන්නේ සල්ලි එව්වාට.. ඇයි?
ඔය සල්ලි එවන්නේ බටහිර රටවලට සැප හොයාගෙන රට දාලා ගිය අය නොවෙයි. විශාල කැප කිරීම් කරලා පවුලෙන් ඈත් වෙලා විශේෂයෙන් ම මැද පෙරදිග, ඊශ්‍රායලය, කොරියාව වගේ රටවල ඉන්න අය. ඒ කැප කිරීම රටට මහත් හයියක්. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් යමක් කිරීම පාලනයේ වගවීමක්...
ඔය තියෙන්නේ අලුත් වර්ධනයක් දියුණුුවක් නෙවෙයි. ඒ කාලේ කට්ටියක් ලෝකෙ වටේ බොරු කියලා රටට ඩොලර් එවන්න එපා කියලා සිදුවුණු අහිතකර බලපෑම නිවැරදි වීම සහ එසේ නවතාගත් ඩොලර් නැවත එවීමේ ප්‍රතිඵලයයි. ඉදිරියේදී දකින්න ලැබෙයි සාමාන්‍ය තත්වය...
කොරෝනා කාලේ පොහොට්ටුවේ ආණ්ඩුව රට විරුවන්ට සලකපු විදිහ තාමත් මතකයි...
හිඟා කෑවා නම් මීට වඩා හොඳයි... ලැජ්ජා වෙන්න ඕනෑ මිනිස්සු රට අතහැරලා යන්නේ මොකද කියන එක ගැන...
අපි මොන දුක වින්දත් ආණ්ඩුවට අපි පේන්නේ ධනවත්තු විදියට... යමක් ලබා දියයුතු කොටසක් හැටියට නෙමෙයි. යමක් ලබා ගත යුතු කොටසක් විදියට...
එවන මුදලට සාපේක්ෂව යතුරුපැදියක් තීරු බදු රහිතව දෙන එක රජයක යුතුකමක්, එක්කෝ පොදු ප්‍රවාහනය දියුණු කරන්න. ජර්මන් බස් ටිකක් දානවා නම් කව්රුත් ගමන් යනවා. පෞද්ගලික වාහනවලට ගහන තෙල් ඉතුරුයි කියන්නේ සංචිත ඉතුරුයි.
අපි එවනවා තමයි. එව්වේ නැත්නම් මේ බඩු මිල ඉහළ ගිය හැටියට ගෙවල්වල අයටවත් විශ්‍රාම වැටුපෙන් ජීවත්වන කිට්ටු නෑදෑයින්ට එහෙම ජීවත් වෙන්න බෑ. පහුගිය මාස 6 එක්කෝ බඩු නෑ. නැත්නම් හොඳටම මිල ඉහළ ගිහින්. ඒ නිසා ඔය නිකම් එවන තෑගි කියලා හිතන්න එපා. රජයකින් විය යුතු වගකීම් හරියට කරගන්න පුළුවන් නම් අපිට මෙහෙම හම්බ කරන හැම දෙයක්ම එවන්න වෙන්නේ නෑ. දැන් අපි ඉතිරියක් නැතුව හම්බ කරන සල්ලි ටික ලංකාවට එවන්නේ...
ඔය තියෙන්නේ ප්‍රගතියක් කියලා හිතන්න එපා. ඔය වෙන්නේ ගිය අවුරුද්දේ කට්ටියක් රටට සල්ලි එවන්න එපා කියලා ලෝකෙ වටේ කියපු එකේ අනිසි තත්වය නිවැරැදි වීම සහ එදා රඳවාගත් මුදල් දැන් එවීමත් පමණයි. ඉදිරිය මෙයිට වෙනස්වෙයි...
මම අවුරුදු 30 කට වඩා යුරෝපයේ... හම්බ කළා... දෙමව්පියන්ට සැලකුවා. ගෙවල් හැදුවා. හීතලේ දුක් වින්දා.. අද ස්ථිර පංදිචියට එන්න ඉන්නේ. ඒත් හම්බකරපු ලොකු දෙයක් නැහැ. අන්තිම කාලය ඉඩමක් හරි විකුණලා මව් රටේ මිය යන්නට කැමැතියි. අපි රට ආවා කියලා අපිට නම් ලැබුනු දෙයක් මව්බිමෙන් නැ. බොරුවට අපි රටවිරුවෝ...
ටික කාලෙකට කලින් රටට සල්ලි එවන්න එපා කියූ මහත්තයා දැන් සල්ලි එවන එක ගැන ආඩම්බරෙන් කියවද්දී අපට නම් හිනා..!
අපි ලැජ්ජා වෙන්න ඕනෑ රටේ තරුණ ජවය, වහල්කමට විකුණාගෙන ජීවත්වෙන්න අවශ්‍ය මුදල් සෙවීම ගැන. ඒ දැනුම ජවය නිශ්පාදන ආර්ථිකයක් සඳහා යොදාගන්නා රජය කටයුතු කරන්න ඕනෑ නේද? තීරුබදු ගහලා රට ගෙනයන්න රජය ගෙනයන්න තව දුරටත් බෑ නේද?
මුකුත් නැහැනේ සල්ලි එව්වට...