IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 18.3 ක සැලකිය යුතු වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

පසුගිය වසරේ පළමු මාස හතරේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක මුදලක් මෙරටට ඒවා තිබිණි.

එසේම මෙම වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එයද පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් විය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8 ක මුදලක් මෙරටට ඒවා තිබිණි.

පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන 314,828 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.8 ක වර්ධනයක්ද විය.

එසේම පසුගිය වසරේ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා රුපියල දැඩිව කඩා වැටීමට ලක්වූ 2022 වසරේ රැකියා සඳහා විදේශගත වූ 310,953 ක පිරිසද ඉක්මවා ගියේය.

 



අදහස් (14)

විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්

Pradeep perea Tuesday, 13 May 2025 11:38 AM

අපිට මොනවද හම්බවෙන්නේ සල්ලි එව්වාට.. ඇයි?

:       1       16

රම්බොඩ Tuesday, 13 May 2025 11:51 AM

ඔය සල්ලි එවන්නේ බටහිර රටවලට සැප හොයාගෙන රට දාලා ගිය අය නොවෙයි. විශාල කැප කිරීම් කරලා පවුලෙන් ඈත් වෙලා විශේෂයෙන් ම මැද පෙරදිග, ඊශ්‍රායලය, කොරියාව වගේ රටවල ඉන්න අය. ඒ කැප කිරීම රටට මහත් හයියක්. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් යමක් කිරීම පාලනයේ වගවීමක්...

:       0       35

නිමල්කා Tuesday, 13 May 2025 12:04 PM

ඔය තියෙන්නේ අලුත් වර්ධනයක් දියුණුුවක් නෙවෙයි. ඒ කාලේ කට්ටියක් ලෝකෙ වටේ බොරු කියලා රටට ඩොලර් එවන්න එපා කියලා සිදුවුණු අහිතකර බලපෑම නිවැරදි වීම සහ එසේ නවතාගත් ඩොලර් නැවත එවීමේ ප්‍රතිඵලයයි. ඉදිරියේදී දකින්න ලැබෙයි සාමාන්‍ය තත්වය...

:       8       27

ඉශාන්Thursday, 15 May 2025 04:02 AM

ඉස්සර ආපු ඩොලර් හොරුන්ට හොරා කන්නනෙ තියාගෙන හිටියෙ. දැන් ඒවා නතර උන එකම ලොකු දෙයක්.

:       0       0

fairoos Tuesday, 13 May 2025 12:18 PM

කොරෝනා කාලේ පොහොට්ටුවේ ආණ්ඩුව රට විරුවන්ට සලකපු විදිහ තාමත් මතකයි...

:       22       13

k.g.s.p.n.rupasingha Tuesday, 13 May 2025 12:46 PM

හිඟා කෑවා නම් මීට වඩා හොඳයි... ලැජ්ජා වෙන්න ඕනෑ මිනිස්සු රට අතහැරලා යන්නේ මොකද කියන එක ගැන...

:       7       2

sukitha Tuesday, 13 May 2025 12:52 PM

අපි මොන දුක වින්දත් ආණ්ඩුවට අපි පේන්නේ ධනවත්තු විදියට... යමක් ලබා දියයුතු කොටසක් හැටියට නෙමෙයි. යමක් ලබා ගත යුතු කොටසක් විදියට...

:       1       18

Nihal Tuesday, 13 May 2025 01:10 PM

එවන මුදලට සාපේක්ෂව යතුරුපැදියක් තීරු බදු රහිතව දෙන එක රජයක යුතුකමක්, එක්කෝ පොදු ප්‍රවාහනය දියුණු කරන්න. ජර්මන් බස් ටිකක් දානවා නම් කව්රුත් ගමන් යනවා. පෞද්ගලික වාහනවලට ගහන තෙල් ඉතුරුයි කියන්නේ සංචිත ඉතුරුයි.

:       1       17

Silvi Tuesday, 13 May 2025 02:25 PM

අපි එවනවා තමයි. එව්වේ නැත්නම් මේ බඩු මිල ඉහළ ගිය හැටියට ගෙවල්වල අයටවත් විශ්‍රාම වැටුපෙන් ජීවත්වන කිට්ටු නෑදෑයින්ට එහෙම ජීවත් වෙන්න බෑ. පහුගිය මාස 6 එක්කෝ බඩු නෑ. නැත්නම් හොඳටම මිල ඉහළ ගිහින්. ඒ නිසා ඔය නිකම් එවන තෑගි කියලා හිතන්න එපා. රජයකින් විය යුතු වගකීම් හරියට කරගන්න පුළුවන් නම් අපිට මෙහෙම හම්බ කරන හැම දෙයක්ම එවන්න වෙන්නේ නෑ. දැන් අපි ඉතිරියක් නැතුව හම්බ කරන සල්ලි ටික ලංකාවට එවන්නේ...

:       4       20

සමන්ති Tuesday, 13 May 2025 04:23 PM

ඔය තියෙන්නේ ප්‍රගතියක් කියලා හිතන්න එපා. ඔය වෙන්නේ ගිය අවුරුද්දේ කට්ටියක්⁣ රටට සල්ලි එවන්න එපා කියලා ලෝකෙ වටේ කියපු එකේ අනිසි තත්වය නිවැරැදි වීම සහ එදා රඳවාගත් මුදල් දැන් එවීමත් පමණයි. ඉදිරිය මෙයිට වෙනස්වෙයි...

:       5       22

ලක්සිරි පැරිස් Tuesday, 13 May 2025 05:45 PM

මම අවුරුදු 30 කට වඩා යුරෝපයේ... හම්බ කළා... දෙමව්පියන්ට සැලකුවා. ගෙවල් හැදුවා. හීතලේ දුක් වින්දා.. අද ස්ථිර පංදිචියට එන්න ඉන්නේ. ඒත් හම්බකරපු ලොකු දෙයක් නැහැ. අන්තිම කාලය ඉඩමක් හරි විකුණලා මව් රටේ මිය යන්නට කැමැතියි. අපි රට ආවා කියලා අපිට නම් ලැබුනු දෙයක් මව්බිමෙන් නැ. බොරුවට අපි රටවිරුවෝ...

:       1       7

ගුණරත්න Tuesday, 13 May 2025 06:52 PM

ටික කාලෙකට කලින් රටට සල්ලි එවන්න එපා කියූ මහත්තයා දැන් සල්ලි එවන එක ගැන ආඩම්බරෙන් කියවද්දී අපට නම් හිනා..!

:       7       4

Lalla Tuesday, 13 May 2025 09:02 PM

අපි ලැජ්ජා වෙන්න ඕනෑ රටේ තරුණ ජවය, වහල්කමට විකුණාගෙන ජීවත්වෙන්න අවශ්‍ය මුදල් සෙවීම ගැන. ඒ දැනුම ජවය නිශ්පාදන ආර්ථිකයක් සඳහා යොදාගන්නා රජය කටයුතු කරන්න ඕනෑ නේද? තීරුබදු ගහලා රට ගෙනයන්න රජය ගෙනයන්න තව දුරටත් බෑ නේද?

:       0       2

Asoka jayaweera. Wednesday, 14 May 2025 01:04 PM

මුකුත් නැහැනේ සල්ලි එව්වට...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25764 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18153 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 596 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 175 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 837 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site