IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


විදෙස් කතකගෙන් මුදල් සහ සිගරැට් ගත් පොලිසියේ තිදෙනෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශීය දූම්වැටි පැකට්ටුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රියා ජාතික කාන්තාවක අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා එම කාන්තාවගෙන් රුපියල් 50000/= ක මුදලක් සහ එම දුම් වැටි පැකට්ටුවක් බලෙන් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු පොලිසියේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සෙසු නිලධාරීන් දෙදෙනා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඉකුත් 4 වෙනි දින කොල්ලුපිටිය හන්දියේ මාර්ග බාධක රාජකාරියෙදීී සිටියදී ඕස්ට්‍රියා ජාතික කාන්තාව සහ ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නා ගමන් කරමින් සිටි තීරෝද රථය නවතා පරික්ෂා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී විදේශීය ජාතික කාන්තාව සතුව විදේශීය දුම් වැටි පැකට්ටුවක් තිබී ඇති අතර එම දුම්වැටි මෙරටල තුළ පාවිච්චි කිරීමට නොහැකි බවට දැනුම් දී ඒ සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා රුපියල් 100.000/= ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව එම සැකකාර නිලධාරීන් විසින් විදේශීය ජාතික කාන්තාව සතුව තිබූ දුම්වැටි පැකට්ටුව සහ මුදල් රුපියල් 50000/= ක් ලබාගෙන ඔවුන් මුදා හැර ඇත.

 



අදහස් (4)

විදෙස් කතකගෙන් මුදල් සහ සිගරැට් ගත් පොලිසියේ තිදෙනෙක් මාට්ටු

ලාංකිකයන් Friday, 07 March 2025 08:28 AM

මේ වගේ කාලකන්නි පොලිස් නිලයකට නොසුදුසු තුන්දෙනාගේ වැඩ තහනම් කර කිසිම අයුරින් යලි නොගැනීම හා සම්පූර්ණ පුනුරුත්ථාපනයකට යොමු කල යුතුයි .

:       0       31

හසක Friday, 07 March 2025 09:44 AM

අනෙකුත් පගා ගහන්නන්ව අධෛර්ය කිරීමට මොවුන්ව වැරදි කරුවන් උනොත් බරපතල වැඩ සහිතව හිරේ දාන්න. නීතිය රකින්න ඉන්න අය නීති කඩපුවම උන් ත්‍රස්තවාදීන්ටත් අන්තයි.

:       0       37

ජිල්බු Friday, 07 March 2025 09:48 AM

මෙම පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව සුපතල කිරීමට ගත් උත්සාහයට මාගේ ප්‍රණාමය! ලංකා පාස්පෝට් එක ඇෆ්ගනිස්ථානය ලඟට යන්න වැඩි කල් යන්නෑ වගේ.

:       9       33

de silva berlin Friday, 07 March 2025 03:48 PM

මේක කැත වැඩක් , සංචාරකයෙක් පිට රට ඉඳල එනකොට රැගෙන එන සිගරට් එකකවත් බොන්න බැරිනම් පලක් තිබෙනවද? සිගරට් ජාවාරම් කරන එක වෙන දෙයක් තමන්ගේ භාවිතය තව එකක් , කරුණාකරලා මෙම නීති වෙනස් කරන්න , සමහර විදේශිකයෝ භාවිත කරන බ්‍රෑන්ඩ් ලංකාවේ නැහැ , ශ්‍රී ලංකික විදේශ ශ්‍රමිකයෙක් වුනත් රට ඉඳල ආවම යාලු හිත මිතුරෙකුට රට සිගරට් එකක් දෙන එක සිරිතක් ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 793 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site