
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල අවුලේගම කරඳවැටිය ප්‍රදේශයේදී අද (10) අලුයම විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව වාරියපොල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තෙන්නකෝන්ගම කරඳවැටිය පදිංචි එස්.එම්. දේවසිරි (61) සහ ඊ.එම්. කරුණාවතී (60) නැමැති සිව්දරු අඹුසැමි යුවලකි.
අද උදෑසණ ඔවුන්ගේ නිවස ඉදිරිපිට විදුලිකණුවේ සවිකර ඇති විදුලි පහන නිවා දැමීමට ගිය අවස්තාවේදී මෙසේ දෙදෙනාටම විදුලිසැර වැදී ඇති බව ඥාතීහු පවසති. එහිදී ඔවුන් විදුලිබල මණ්ඩලයට චෝදනා එල්ල කර සිටිති. අදාළ.විදුලි කණුවේ ඔතා තිබූ භූගත වයරයක් හේතුවෙන් මෙසේ විදුලි සැරවැදී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මීට කාලයකට පෙර එම නිවස අසලින් දිවෙන මාර්ගයේ ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියේ භූගත වයරය කැඩී ඇති අතර විදුලිබල මණ්ඩලයෙන් පැමිණි පිරිසක් එම වයරය මෙම මියගිය අයගේ නිවස අසළ ඇති විදුලිපහන සහිත විදුලි කණුවේ ඔතා තබා ගොස් තිබිණ. දින ගණනාවක් මෙසේ මෙම වයරය තිබූ නමුත් කිසිවෙකුටත් හානියක් තිබී නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක බැල්මක් හෙලුවොත් ඕනෑම කෙනෙකුට ඒත්තු ගැන්වෙනු ඇත, ඒ වයරින් එක, එය වයරින් ලෙස හැඳින්වුවහොත්, අහඹු ලෙස සහ අතිශය භයානක ආකාරයකින් සිදු කර ඇති බව. විදුලි ඉංජිනේරුවරයා සහ මෙම වයරින් එකට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනා එල්ල කළ යුතුය.