
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂය විදුලි බිල සියයට තිස්පහකින් වැඩි වන බව කිව්වත් වැඩි වන්නේ සියයට දහ අටකින් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
කෙසේ වෙතත් පානීය ජල ගාස්තු වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජල බිල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරැ දෙමිනි
අනුර කරුණාතිලක මහතා මෙසේද පැවසීය.
පානීය ජල ගාස්තුව වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නෑ. ජල ගාස්තු වැඩි කරන්න යනවා කියලා විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. මොන ආරංචි මාර්ගයක් පදනම් කරගෙනද ඒ ප්‍රකාශය කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
විදුලි බිල වැඩි කරන බව ඔබ කියන්න කලින් රටට කිව්වේ අපි. විදුලි බිල එක්කම ජල බිලත් වැඩි වැඩිවෙනවා කියලා අපි අනුමාන කරනවා. ඔබතුමාලා විදුලි බිල සියයට තිස්තුනකින් අඩු කරනවා කියලා සියයට දහඅටකින් වැඩි කරනවා. විදුලි බිල වැඩි වන නිසා ජල බිල වැඩිවේවි කියන සැකය මත තමයි ප්‍රශ්නය අහන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම අඩුකරනවා කියලා ඇවිත් හැම දේම වැඩි කරනවා. තව ඡන්දෙත් දෙන්න කියලා ඉල්ලනවා. ලැජ්ජා නැතිව.
නෑ කියන ගොඩාක් දේවල් පස්සේ එහෙම වුණා කියලා කියනවා. මෙච්චර කල් නම් මේ ආණ්ඩුව කරපු හැම එකක්ම වුණේ එහෙම. බොරු කීම ජීවන ක්‍රමය වෙච්ච අයට ඒක එච්චර අමාරු නෑ...
එන්න එන්න ඩෝබිලා ටික... හෝදන්න යමක්... සෙනෙවිරත්න, ෆයිරූස් කෝ ඔයාලා...? ඉක්මණට එන්නකෝ...
කවදා ඉඳන්ද මෙයා ආචාර්ය වුනේ? ආණ්ඩුව අනාගත්තු වැඩ ගැන කියන්න ඉස්සරහට දාන්නේ මේ වගේ හොරු තමයි.
Actual Price එකට සියල්ල ලබා දිය යුතුයි. නොඑසේ නම් රට දියුණු නොවේ. දේශපාලකයින්ට ද එය එසේම විය යුතුයි.
ඡන්ද වේදිකාවේ නම් කිව්වේ 30% කින් බස්සනවා කියලා...!
නියම මිලට විදුලිබලය දෙන්න ගිහින් රනිල්ලා ලකුණු කපා ගත්තා, ඒත් ඉතිහාසේ පෙන්වා දෙනවා විදුලිය බල මණ්ඩලය ලාබ ලබපු අවුරුද්දක් බව, සුළු මුදලකුත් නෙවෙයි කෝටි 14,000ක් ඔය සල්ලි දිගටම ලැබෙනවා නම් විදුලිබල මණ්ඩලයේ යල්පැනගිය පද්ධති ණය නොවී අලුත් කරන්න පුළුවන්, නමුත් මාලිමා අතිපණ්ඩිතයෝ ඡන්ද වේදිකා වල බෙරිහන් දුන්නේ රනිල්ලා හොරකන් කරන නිසා මේවා පාඩුයි කියලා අන්තිමේ විදුලි බල මණ්ඩලය ආයෙමත් පාඩුයි. ඉතිහාසේ හැමදාමත්ම පෙන්වලා තියෙනවා බැනුම් අහගෙන රනිල්ලා කරපු දේවල් හරි කියලා, නමුත් අපේ රටේ මිනිස්සුන්ට හිතන්න මොළයක් නැහැ.