
(සුජිත් හේවාජුලිගේ)
විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදුලිබිල මෙසේ වැඩි කිරීමට යන බවද ඔහු සඳහන් කළේය.
ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට පත්ව සිටින අවස්ථාවක නැවත වතාවක් විදුලි බිල වැඩි කළහොත් ඔවුන් යන එන මං නැති තත්ත්වයට පත්වන බවද කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලා මොනාටද බන් එකඟ උනේ .හැම රෙද්දටම විරුද්දයි
මේ ගොල්ලන්ටත් යන-එන මං නැතිවෙලා ඉන්න වෙලේ, යන-එන මං නැති ජනතාව ගැන බලන්නෙ කොහොමද?
ඇසි පුර වැසියන් කලබල වෙන්න එපා. අපේ සජිත් මහත්තයා මේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා තියෙන්නේ.
බොරුවට රඟන්න එපා අනේ? ඒ දවස්වල වගේ 'පහත හෙලව්', 'වහා අඩු කරව්' වගේ ටෝන් එකකින්නේ යන්න ඕනෑ. දැන් ඔයාලා නිකං පුස් පාට්නේ දාන්නේ ආණ්ඩුවට. පරණ යාලුවොනේ ඉතිං නේද?
මේ ආන්ඩුව බලයට පත්වීමෙන් වූ එකම වෙනස කලින් වැලේ වැල් නැතිව සිටි පෙරටුගාමීන්ට ජවිපෙ කලින් සිටි තැන ලැබීමයි.
අනේ නිකන් යන්න...