IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


විදුලි බිල තුනෙන් එකකින් අඩුවෙන්න ඕනෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු විය යුතු යැයි යන ස්ථාවරය වෙනස් කර නැතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2025 අවුරුද්දේදී අප විදුලි බල පද්ධතියට මෙගාවොට් 702ක් එකතු කර තියෙනවා.අප මුලින්ම කළේ ආර්ථික ස්ථායීකරණයයි. එතැනින් පසුව ප්‍රමුඛතම කාරණය වන්නේ සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමයි.ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය හැටියට ගෘහස්ත විදුලි පාරිභෝගිකයා මෙන්ම ඉන්ධන පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහ කාරයක්ෂමව සේවා ලබා දෙනවා වගේම කර්මාන්ත සහ සීමා සඳහා අවශ්‍ය වන බලශක්තිය සැපයීමට කටයුතු කළ යුතුව තිබෙනවා. බලශක්ති පිරිවැය කර්මාන්ත හා සේවාවල ප්‍රධාන ගැටලුවක් වී තියෙනවා.අප රජයේ බාර ගන්නා කාලය සමග බලද්දි දැන් විදුලි බිල සියයට 11 කින් අඩුවී තිබෙනවා.එය ප්‍රමාණවත් නැති බව අපි පිළිගන්නවා.විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු විය යුතු යැයි අප එදා කිව්වා. ඒ ස්ථාවරය වෙනස් කර නැහැ.අපේ වැඩපිළිවෙල සකස් කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.

 



අදහස් (4)

විදුලි බිල තුනෙන් එකකින් අඩුවෙන්න ඕනෑ

අරවින්ද මොණරවිල Thursday, 20 November 2025 02:34 PM

තමුසෙලාගේ මහා එකා කිව්වේ අවුරුද්දකින් විදුලි බිල තුනෙන් එකක් අඩු කරනවා කියලයි, කාංචන හැම ඉන්ධන ලීටරයකින් රුපියල් පනහක් ගන්නවා. ඒකත් අඩු කරනවා කියලයි දැන් වැල් බයිලා ගහන්න එන්න එපා...

:       2       1

supun chamara Thursday, 20 November 2025 03:01 PM

සමහර කොම්පැනි තියෙනවා මෙහෙම ගේම් ගහන. ලාබයක් තියාගෙන භාණ්ඩය විකුණන්න ඕනෑ... ලක්ෂෙට නම් මිල දානවා 120000ට. එකවර ගෙවනවා නම් කෑෂ් වලට 100000ට දෙනවා කියනවා. පාරිභෝගිකයා හිතනවා 20000ක ලාබයි කියලා. නමුත් ඇත්තම ගාන 100000ම තමයි. වාරික විදියට ගෙවන්න ඕනෑ නම් පොලී රහිතව ගෙවන්න අවස්ථාව දෙනවා කියනවා. මාසයට 10000 ගානේ මාස 12ක් ගෙව්වාම 120000යි. පාරිභෝගිකයා හිතනවා ඇත්ත තමයි 120000ම තමයි ගෙවන්න ඕනෑ කියලා. නමුත් කොම්පැනියට පොලිය විදියට 20000ක් ලැබිලා. මේ වැඩෙත් එහෙම තමයි. ‍අවුරුද්දට දෙපාර ගානේ පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරනවා. අන්තිම අවුරුද්දෙ 1/3කින් අඩු කරනවා. මිනිස්සු රැවටෙනවා...

:       0       0

Gavin Thursday, 20 November 2025 03:31 PM

පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඉතා කෙටි කාලයකින් කියන කොටස අමතක වෙලා. පච කොටා කිව්වා නම් එහෙමයි.

:       0       0

Anura Thursday, 20 November 2025 04:30 PM

පැළවත්තේ ජලය මිරිකලා වෙන්නැති විදුලිය හදන්න යන්නේ... මේවා මෝඩ කතා. නිෂ්පාදන මිල ගැන අවබෝධයක් නැතිවද මන්දා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 235 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site