
(සුජිත් හේවාජුලිගේ)
ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු පසුගිය වසර තුනක කාලයේදී රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව මණ්ඩලය පවසයි.
මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් සියයට 20කි.
ඔවුන්ගෙන් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර සියයට 8ක් යාන්ත්‍රික ඉංජිනේරුවෝ වෙති.
සියයට 7ක් සිවිල් ඉංජිනේරුවන් බව වාර්තාවල දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මේ රටෙන් යන්න ගොඩාක් වෙලාවට ඇත්තටම මහන්සිවල වැඩ කරන හොඳ මිනිස්සු ටිකක් ඉතුරු ගොඩාක් වෙලාවට ඔය ආයතනවල වැඩ කරන්නේ නැති... වෙනවා තියා හොරකමට, දූෂණයට සහයෝගය දෙනාම ඔයා ආයතන වෙනස් කරන්න දෙන්නැතුව අල්ලාගෙන ඉන්නත් සෙට් එක තමයි... ඒක ඔය විදුලි බල මණ්ඩලයට විතරක් නෙවෙයි අනිත් සියලුම රජයේ ආයතනවලට පොදුයි.. ඒ ආයතන වලින් අයින්වල වෙන රටකට යන්න ඒ ආයතනයේ හොඳටම වැඩ කරන මහන්සිවෙලා වැඩ කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ට හති වැටිලා තියෙන්නේ මේ රටත් එක්ක...
අවුරුදු පතා විශ්ව විද්‍යාල වලින් එළියට එන අය බඳවාගන්න. ගිය කෙනා ගැන කතා කරන්න දෙයක් නෑනේ...!
යන එකා ලංකාවම ලියලා දුන්නත් යනවා! ඔය බොරු කියලා ආණ්ඩු බය කරලා තමන්ගේ බඩ ගෙඩි වැඩි කරන මාර්කටින් හැමෝම දන්නවා!
ඉදිරියේදී මාෆියා මගින් කොමිස් ගැහිල්ල අවසන් වන ලකුණු පෙනෙන නිසා, එහෙම නැතිනම් කලින් ගහපු ගැහිලි අසුවෙන බව පෙනෙන නිසා කලින්ම මාරුවෙලා ගියා වෙන්න පුළුවන්..., නැතිනම් දුම්මල ගහලාවත් එලවන්න බැහැ... මෙතැන හොඳට ගරන්න පුළුවන් නිසා....
වෘත්තීයවේදීන් රට හැරයාමට තවත් හේතුවක් තමයි කසල. සේවා දෙපාර්තමේන්තුව... මහවැලි ඉංජිනේරුවන්ගේ පඩි අඩු කරන්න කියලා ඔන්න ලියුමුත් ගහලා...