(සුජිත් හේවාජුලිගේ)
ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු පසුගිය වසර තුනක කාලයේදී රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව මණ්ඩලය පවසයි.
මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් සියයට 20කි.
ඔවුන්ගෙන් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර සියයට 8ක් යාන්ත්‍රික ඉංජිනේරුවෝ වෙති.
සියයට 7ක් සිවිල් ඉංජිනේරුවන් බව වාර්තාවල දැක්වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විදුලි ඉංජිනේරුවෝ 226 ක් රට හැර ගිහින්
kk Sunday, 17 August 2025 09:46 AM
ඔය මේ රටෙන් යන්න ගොඩාක් වෙලාවට ඇත්තටම මහන්සිවල වැඩ කරන හොඳ මිනිස්සු ටිකක් ඉතුරු ගොඩාක් වෙලාවට ඔය ආයතනවල වැඩ කරන්නේ නැති... වෙනවා තියා හොරකමට, දූෂණයට සහයෝගය දෙනාම ඔයා ආයතන වෙනස් කරන්න දෙන්නැතුව අල්ලාගෙන ඉන්නත් සෙට් එක තමයි... ඒක ඔය විදුලි බල මණ්ඩලයට විතරක් නෙවෙයි අනිත් සියලුම රජයේ ආයතනවලට පොදුයි.. ඒ ආයතන වලින් අයින්වල වෙන රටකට යන්න ඒ ආයතනයේ හොඳටම වැඩ කරන මහන්සිවෙලා වැඩ කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ට හති වැටිලා තියෙන්නේ මේ රටත් එක්ක...
පන්සිළු Sunday, 17 August 2025 10:59 AM
අවුරුදු පතා විශ්ව විද්‍යාල වලින් එළියට එන අය බඳවාගන්න. ගිය කෙනා ගැන කතා කරන්න දෙයක් නෑනේ...!
PGPThilak Sunday, 17 August 2025 12:01 PM
යන එකා ලංකාවම ලියලා දුන්නත් යනවා! ඔය බොරු කියලා ආණ්ඩු බය කරලා තමන්ගේ බඩ ගෙඩි වැඩි කරන මාර්කටින් හැමෝම දන්නවා!
de silva Sunday, 17 August 2025 12:40 PM
ඉදිරියේදී මාෆියා මගින් කොමිස් ගැහිල්ල අවසන් වන ලකුණු පෙනෙන නිසා, එහෙම නැතිනම් කලින් ගහපු ගැහිලි අසුවෙන බව පෙනෙන නිසා කලින්ම මාරුවෙලා ගියා වෙන්න පුළුවන්..., නැතිනම් දුම්මල ගහලාවත් එලවන්න බැහැ... මෙතැන හොඳට ගරන්න පුළුවන් නිසා....
සාලිය Sunday, 17 August 2025 10:33 PM
වෘත්තීයවේදීන් රට හැරයාමට තවත් හේතුවක් තමයි කසල. සේවා දෙපාර්තමේන්තුව... මහවැලි ඉංජිනේරුවන්ගේ පඩි අඩු කරන්න කියලා ඔන්න ලියුමුත් ගහලා...