
( රොමේෂ් මධූෂංක)
යාපනය වේලනෙයි සෙට්ටිපුලම් ප්‍රදේශයේදී නිවසක් තුළ විදුලිසැර වැදීමෙන් 09 හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (16) මිය ගොස් ඇතැයි කයිට්ස් පොලීසිය පැවසීය.
විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ වේලනෙයි සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි චන්ද්‍රකාන්ත් කණිෂ්ඨන් නැමති දරුවෙකි.
මෙම පිරිමි දරුවාට විදුලිසැර වදින අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් නෙසිට ඇති අතර ඔහුගේ මව අසල්වැසියෙකුගේ නිවසට ගොස් ඇති අවස්ථාවක මෙම සිදුවීම සිදුව ඇතැයි කියයි.
කෙසේ වෙතත් මෙම දරුවා රූපවාහිනිය නැරීඹීම සඳහා එයට විදුලිය සම්බන්ධ කිරීමට ගත් උත්සහයකදී විදුලිසැර වැදීම සිදුව ඇති බවට පොලීසිය සැකපල කරන අතරම දරුවාගේ මව නිවසට පැමිණෙන විටදී දරුවා බිම වැටී සිටිනු දැක ඒ අවස්ථාවේදීම වේලනෙයි රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.කෙසේ වෙතත් දරුවා රෝහලට රැගෙන යන විටද දරුවා මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගෙවල්වල ට්‍රිප් ස්විච් නැද්ද? එය දරුවා නැති කර අවමංගල්‍යයකට වඩා ලාභදායී වේ. අසූව දශකයේ මුල් භාගයේ එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට පෙර මම මගේ මව වෙනුවෙන් ඉදිකරන ලද නිවසෙහි එම සියලුම ආරක්ෂිත අංග ඇතුළත් විය.