
(එම්.සුසිල් ප්‍රියන්ත, ජනක් ද සිල්වා සහ සරත් ආනන්ද)
බද්දෙගම ශාන්ත අන්තෝනි විදුහලේ වතුර ටැංකියක් ඊයේ(09)වන දා පෙරවරුවේ දී කඩාවැටී සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලිසිය කියයි.
තුවාල ලැබූ සිසුන් පස්දෙනාම පළමුව බද්දෙගම රෝහලටත් බරතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් කරාපිටිය රෝහල මාරුකර යැවූ බවත් පොලීසිය කියයි.
අනෙක් සිසුන් දෙදෙනා බද්දෙගම රෝහලේම ප්රිතිකාර ලබන බවත් ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය කියයි.
එම විදුහලේ හය, හත වසර දෙකේ සිසුන් පස්දෙනෙකු මේ අනතුරට ලක්ව ඇති බවද පොලිසිය කියයි.
මේ විදුහලේ ගොඩනැගිල්ලක් ආසන්නයේ තිබූ මේ වතුර ටැංකිය හදිසියේම කඩාවැටී ඇති බවත් එම අවස්ථාවේ දී එය ආසන්නයේ සිටි සිසුන් පස්දෙනෙක් වතුර ටැංකිය කඩා වැටීමෙන් තුවාල ලැබූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන මෝඩයෙකුට පේනවා මේක බලපු ගමන් අනාරක්ෂිත ආකාරයට තිබී ඇති බව. අවශ්‍ය හැමදේටම දෙමාපියන්ගෙන් මුදල් එකතු කරකර ජෝගි නටන පාසල් පරිපාලනයට මේ ආනාරක්ෂිත ටැංකි නොපෙනෙන්නේ මන්ද?
අපරාදෙ කියන්න බැහැ ... විදුහල්පතිතුමා ටැංකිය හොදට නඩත්තු කරලා තියෙන බව හොදට පෙනෙන්න තියෙනවා.