(චන්ද්‍රෙස්න ගමගේ , සනත් ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල උණාකූරුව වැව අසළදී අද (18 යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවළක් වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, උණාකූරුව කපුහේන ලිපිනයේ පදිංචි ජුවානා හැන්නදිගේ විජිතදාස (අවු: 68) සහ පසික්කු හැන්නදිගේ පුෂ්පා (අවු: 58) යන අඹුසැමියන් දෙදෙනාය.
මෙම දෙදෙනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන උණාකූරුවේ ශාන්ත නමැති අයගේ මවගේ මල්ලී (මාමා) සහ ඔහුගේ බිරිද බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
වෙඩික්කරුවන් පිස්තෝල ගිණි අවියකින් වෙඩිතබා පලාගොස් තිබේ.
මෙම යුවළ උණාකූරුව වැව ඉදිරිපිට වෙළද සැලක් පවත්වා ගෙන යන අතර එම යුවළට වෙඩිතබා ඇත්තේ වෙළද සැළ තුල සිටියදීය.
තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.

2025 නොවැම්බර් මස 21
64
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1014
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වෙඩි පහරින් අඹුසැමි යුවළ මරුට
ජගත් ලියනගේ Tuesday, 18 November 2025 08:57 PM
සිංහලෙන් කියමනක් තියනව. “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති”.
Damith Wednesday, 19 November 2025 05:02 AM
හැප්පිලා බලමු කිව්වා තඹුත්තේගම යෝධයා කෝ දැන්...?
රනේ Wednesday, 19 November 2025 06:04 AM
දුදනෝ නොවෙති යහපත්!