IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


වැඩ තහනම් වී නැවත සේවයට එන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණයක්

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන් පොලිස් රෝහලේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

කිසියම් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට වෛද්‍ය වාර්තවෙන් අනාවරණය වුව හොත් එම නිලධාරියා නැවත සේවයේ පිහිටුවීමට කටයුතු නොකරන බව ද වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දී ඇත.

ක්ලීන් ශ්‍රී  ලංකා වැඩපිළිවෙළ යටතේ පොලිස් සේවයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ නිලධාරීන් පිළිබද සිදුකරනු ලබන විමර්ශනවලට අනුව වැඩතහනම්ව හෝ වෙනත් හේතු නිසා සේවයේ නොසිට නැවත සක්‍රීය සේවයට එක් කිරීමට පෙර එම නිලධාරීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇද්දැයි යන්න සොයාබැලීම සදහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.

එවැනි ආකාරයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු පොලිස් සේවයෙන් පහ කර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඉකුත් දා මාධ්‍ය හමුවකදී පැවැසීය.



අදහස් (1)

වැඩ තහනම් වී නැවත සේවයට එන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණයක්

de silva berlin Tuesday, 18 February 2025 12:59 PM

සෑම් පොලිස් නිලධාරියෙක්ම මාස 6 කට වරක්වත් රැන්ඩම් ක්‍රමයට පුරවා දෙනුම් දීමකින් තොරව , මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කරන්න...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හොර පොහොර හදා වැඩි මිලට විකුණලා
2025 මැයි මස 14 18 0

නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද


අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
2025 මැයි මස 14 32 0

දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා
2025 මැයි මස 14 347 0

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.


තැනින් තැන අදත් වැසි
2025 මැයි මස 14 26 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර


හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 1004 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 2247 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1316 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1555 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 402 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site