
(අංජුල මහික වීරරත්න)
මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු උපයෝජනය නොවූ ඉඩම් උපයෝජනය සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කීය.
කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (22) මෙම සාකච්ඡාව පැවැත්විණි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 29 මගින් 2025 අයවැය ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය, එහිදී මතුව ඇති ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
පොල් වගාව සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ඒ සඳහා වාණිජ වගාවන් සහිත ඉඩම් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
අලුතින් පොල් වගාවට වඩා පවතින වගාවන්හි ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවධානය යොමු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඌන උපයෝජන සහිත පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින පොල් වතු ප්‍රශස්ත ලෙස උපයෝජනය සඳහා දැනට පවතින නීති, රීති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
වතු නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය, වතු යටිතල පහසුකම් සංවර්ධනය, වතු පාසල්හි සුහුරු පන්ති කාමර පිහිටුවීම සහ වතු අංශයේ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තේ සහ රබර් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ලංකා කුරුදු නිෂ්පාදන වල ගුණාත්මකභාවය සහ ගෝලීය ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා විය. බස්නාහිර පළාතේ කුරුදු වගාව ප්‍රවර්ධනය කිරීම සහ එමගින් ඉහළ ඵලදායීතාවක් මෙන්ම ඉඩම් උපයෝජනය ඉහළ නංවා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ වන විට මෙරට නිර්මාණය වී තිබෙන කෘත්‍රිම වෙළෙඳපළ හේතුවෙන් බොහෝ කර්මාන්ත ඌන ධාරිතාවක් සහිත තත්ත්වයට පත්ව ඇති බැවින්, මේ පිළිබඳ නිසි ඇගයීමක් සිදු කර මෙරට කර්මාන්ත සංවර්ධනයට අදාළ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ද්වීකරණ අවස්ථා හඳුනාගෙන එසේ හඳුනාගත් ආයතන ඒකාබද්ධ කිරීමත්, ඈවර කළ යුතු ආයතන ඈවර කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම වැවිලි ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම සහ අපේක්ෂිත ඉලක්ක පිළිබඳවද සාකච්ඡාවට බදුන් විය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැඩක් නොගන්නා මහා භාරකාර ඉඩම් වලින් වැඩ ගන්න සැලැස්මක්
ගුණරත්න Friday, 22 August 2025 07:43 PM
විල්පත්තුවේ අක්කර 600 ගජ මිත්‍රයෙක්ට දුන්නා වගේ ඔය ඉඩම් ටිකත් ගහගන්න වගේ හදන්නේ...