
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයකුගේ පාදයක් බීදීම නිසා අල්ලා ගත් බව පොලිසිය කියයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි දෙකක් රැගෙන ව්‍යාපාරිකයාගේ නිවසකට ඇතුළු වී වෙඩිතැබා ඇතත් එය ක්‍රියාත්මක වී නොමැත.
එහිදී ගිනි අවිය ක්‍රියාවිරහිත වී ඇත.
ඒ සමග වෙඩික්කරුවන් පුද්ගලයන් දෙදෙනා තාප්පයකින් පැන පලායාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ වෙඩික්කරුවකු ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී සැකකරු අත තිබූ ගිනි අවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.
කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාඳුනන තුවක්කුකරුවාව අඳුනාගැනීමට හොඳ අවස්ථාවක්.
කම්ම වේද දිට්ඨනීය කියන්නෙ ඕකට තමයි.
T56 ක්ද ,පිස්තෝලයක්ද.ව්‍යාපාරිකයාගේ වෙලලාව හොඬයි. නැත්නම් මැරෙන්න තමයි වෙන්නේ .
ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට සාධාරණ හේතුවක් ඇති. ඒ ගැනත් සොයාබැලිය යුතුයි...