(විමුක්ති එස් රුද්‍රිගු)

වසර දහයකට පසු ප්‍රථම වතාවට ස්ත්‍රී, පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායක වී ඇති බවත් එක්සත් රාජධානියේ තරුණ කාන්තාවන් පිරිමින්ට වඩා ස්ටර්ලින් පවුම් 2,200 කට වැඩි වැටුපක් උපයන බවත් එක්සත් රාජධානිය පදනම් කරගත් සී.එස්.ජේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වී ඇත.
පෙර පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කරන දිනයේ සිට අධ්‍යාපනය අවසන් කරන දිනය දක්වා පිරිමි ළමයින්ගේ කාර්ය සාධනය, ගැහැණු ළමයින්ගේ කාර්ය සාධනයට පසුපසින් තිබෙන බවත් පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයින් ඉක්මනින් ඉගෙනීම් කුසලතා වර්ධනය කරන බවත් සී.එස්.ජේ සංවිධානය ප්‍රකාශ කළේය.
උසස් පෙළදී කාන්තාවන් ශ්‍රේණි එකහමාරක් අභිබවා යන බවත් විශ්ව විද්‍යාලයේදී සෑම කාන්තාවන් තිදෙනෙකුට සිටින්නේ පිරිමින් දෙදෙනෙකු බවත් එම සංවිධානය පැවැසුවේය.
ඉගෙනීම් පද්ධතියේ සෑම අවස්ථාවකදීම පිරිමි ළමයි, ගැහැණු ළමයි පසුපසින් සිටින බවද එම සංවිධානය ප්‍රකාශ කළේය. මෙම කරුණු හේතුවෙන් එක්සත් රාජධානියේ වයස අවුරුදු 16 ත් 24 ත් අතර ගැහැණු ළමයකු වසරකට ස්ටර්ලින් පවුම් 26,500 ක වැටුපක් උපයද්දී, එම වයසේ පසුවන පිරිමි ළමයකු උපයන්නේ ස්ටර්ලින් පවුම් 24,300 ක් පමණක් බවද සී.එස්.ජේ සංවිධානය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බලපත්‍ර පසුගිය ආණ්ඩු මගින් ලබාදුන්නේ දේශපාලන සම්බ්නදකම් සැලකිල්ලට ගෙන කරුණාකර මේ ක්‍රමය නවත්වන්න. කැමති පුරවැසියෙකුට පරිසර හානියක් නොමැති පුද්ගලික ස්ථානයක යම් ප්‍රමිතියකට අනුව පිරවුම් හල් ඉදිකරන්න අවසර දෙන්න. එතකොට අතලොස්සක් මත යැපෙන්නේ සිදුවෙන්නේ නැහැ. මෙවැනි ව්‍යාපාර දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හිතවතුනට පමණක් සීමා කිරීම අසාධාරණයි නේද. ඔවුන්ට කැමති ලංකාවේ ක්‍රියාත්මකවන ඉන්දන සැපයුම් සමාගමක් සමඟ ගිවිසුම් ගත වෙන්න ඉඩ දෙන්න.