
(අංජුල මහික වීරරත්න )
මේ වන විට වැටෙමින් පවතින ලංකා ආර්ථිකය යළි ගොඩ නගන ආණ්ඩුව බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේග එකතුවකින් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව ක්‍රියා කර රටේ ආර්ථිකයත්, සමාජ ප්‍රශ්නත් විසඳීම සඳහා ක්‍රියා කරන බව අබේවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුව සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකට ක්‍රියා කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී එජාප සභාපතිවරයා එකම මතයක් දරන කණ්ඩායම් පක්ෂ දෙක නියෝජනය කරන නිසා එකතුව ඉදිරියට ගෙනයාමට කිසිඳු බාධාවක් කිසි විටෙකත් මතුනොවන බව ස්ථිර යැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටෙන්නේ රටද නැත්නම් අහවල් එකද?
හීන දකින්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා .
කොහේද වැටෙන්නේ? IMF එකේ රිපොට් එක, අපේ මහ බැංකුවේ රිපෝට් එක අනුව නම් ආර්ථිකය හොද වෙමින් පවතිනවා ඔබතුමාලා කෙලවපු අගාධයේ ඉදලා. ඔයාලා වගේ රටේ ධනයෙන් බෙදාගෙන කාපු සෙට් එකට නම් දැන් අවුල් තමයි. හැබැයි අපිට නම් මාසෙන් මාසෙට හිටියට වඩා හොදා. අනික රනිල් මහත්තයයි සජිත් මහත්තයයි එකතු වෙනවා කියන්නේ විහිළුවක්...
බාල මත් ද්‍රව්‍ය භාවිතයේ ආදීනව... පණුවෙක් කථා කරයි.
මෙයා කලින් කිව්වේ රට ගොඩ ගන්න පුළුවන් එජාප ආණ්ඩුවකට කියලා. දැන් සජබත් හවුල් කරගෙන. එජාපෙට බැරිබව තේරිලා...
හරි ආසයි වජිර බණ වලට....
ඔබේ සහ ඔබේ ඉහළ නිලධාරීන්ගේ ඉතිහාසය ගැන මහජනතාව දන්නවා. සාරාංශය නම්, ඔබ ඉතා දූෂිත, දරුණු ලෙස ප්‍රතික්ෂේප කර, මහජනතාව විසින් පන්නා දමා ඇති, දැන් රැකියා විරහිත සහ ඔබේ පවුල්වල සහ සහචරයින්ගේ අනාගතය සහ ජීවිතය ගැන කනස්සල්ලට පත්ව සිටින අතර එය මහජනතාවගෙන් අරමුදල් ලබා ගත් නමුත් වෙනත් රැකියාවක් කිරීමට නොදන්නා බැවිනි. නමුත් බලයට ඇති දැඩි කෑදරකම සහ කෙසේ හෝ බලය නැවත ලබා ගැනීමට දැඩි උත්සාහයක් දරයි. කරුණාකර එය කළ නොහැකි බව තේරුම් ගන්න, මන්ද මහජනතාව දැන් බුද්ධිමත් ය. මේ රටේ මහජනතාව ඔබේ වඳුරු උපක්‍රම ගැනයි. නමුත් ඔබේ ප්‍රකාශ ගැන මම පුදුම නොවෙමි.. මන්ද ඔබේ වර්ගයේ අය මොළයක් නැති සහ නිර්ලජ්ජිතය.
අවුරුදු 76ක් දුන්නා කරන්න. කෝ කළාද? හොරාකාලා අන්තිමට රටම බංකොළොත් කළා. බංකොළොත් වෙච්චි රට ගොඩගන්න බඩුමිල 500% වෙනකන් වැඩිකළා. බංකොළොත් කරපු අයට මහ බැංකුවේ තිබුණු ඉතිරි සල්ලිත් බෙදලා දුන්නා. දැන් එනවා කයිවාරු ගහන්න ලැජ්ජයි.
කවදාවත් බැහැ... සෙට් එකේ බොහෝ දෙනෙක් ඇතුළේ යන්නට නියමිත නිසා වැලිකඩදී රැස්වන්න.
බල්ලන්ට ඡන්ද අයිතිය දුන්නත් දිනන්න බෑ...
කැරකිලා?
මටත් දුරුත්තට පේන හීන...
මග බලන් ඉන්නේ අපි.. ඇගිලි ගැන ගැන... කොහෙන් හිනාවෙන්නද මේවාට...?
රට කෙසේවෙතත් වැටෙන්නේ රට විනාශ කරපු හොරු රැළ තමයි. එළුවාගේ මොකද්ද වැටෙනකන් නරියත් බලාගෙන හිටියලු. ඒත් වැටුණේ නැහැනේ...!!!.
අප්‍රේල් 01 වැනිදාට ඉස්සෙල්ලා මොනවද මේ දොඩවන්නේ...
පහුගිය කාලවලම තිබුණේ නුඹලාගේ ආණ්ඩු නේද? එතකොට ඔබලාට අමතක වුණාද රට ගොඩගන්න...
කියන්න දෙයක් නැති නිසා අවදානෙ ගන්න හිතාගෙන ඔහේ දොඩවන ඩයල් එකක් අපේ ගමේත් ඉන්නවා.
ආර්තිකය කඩා වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ. වැල් පාලමෙන් ගිහින් 2048 වෙන්ඩැති ආර්තිකය ගොඩ දාන්ඩ හිතාගෙන ඉන්නේ...?
පස්ස තමා නන්දනී කිව්වලු. පිස්සු
රට එහෙම පිටින්ම බංකොලොත් කරපු කට්ටියක් නේද? දැන් මේ පුරසාරම් දොඩවන්නේ?
මේ යෝධයා රටට ශාපයක්...
ආධාර ලැබෙන විදිය දැක්කාම කට්ටිය නලියනවා නේද? රට හොදට තියෙනකොට... සේසතම හොරා කාලා, රටවට්ටලා, ජනතාව බිල්ලට දීලා. මොවුන්ට රට බාර දෙන්න....
අනේ යන්න. වැට්ටුවේ නුඹලා... තවත් එනවා ලැජ්ජා නැතිව කියවන්න.
වැනෙන වැනිල්ලට වැටෙයි වගේද පේන්නේ? ඔහොම දිගටම පස්සෙන් යන්න ...
රටේ ආර්ථිකය කාබාසිනියා කරපු මිනිස්සු.., කටින්ද කතා කතා කරන්නේ?
කව්රුහරි මේ මනුස්සයා අංගොඩ ගෙනියපල්ලා, මෙයාලත් එක්ක සංධාන ගහන සජිත්ටත් පිස්සුද? රටේ ඉලක්කම් හොඳ බව මහබැංකු අධිපතිතුමාම කියනවා, අයි. එම්. එෆ්. එක පවා කියන එක මේ හාදයට කව්රුහරි කියලා දීපල්ලා...
මෙයාට දැන් කුණුහරුප කියලා වැඩක් නෑ. කුඩු නැතුව දැං මොලේට එන පිස්සු අදහස් තමා මේ. ඇවන්ගාඩ් සල්ලිත් නෑ. ආයෙත් එන්නත් බෑ.
ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු. වජිර මහත්තයෝ, පාඨකයන් පළ කරලා තියෙන අදහස් ටික කියවලා තමන්ට හිමි තැන කොතනද කියලා හිතන්න. පොඩ්ඩක් හරි මොළේ පෑදුනොත් හොඳයි.