IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විගණනය මැතිසබය පීරයි


(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම පසුගිය වසර දහයක කාලයේ  සම්පූර්ණ වියදම්  සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ   විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තුවල  වියදම් සම්බන්ධයෙන්  කඩිනම් විගණන වාර්තාවක්  දෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කළ  ඉල්ලීමක් අනුවය.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු ආවරණය වන පරිදි මෙවැනි    පුලුල්  විගණනයක් කෙරෙන පළමු  අවස්ථාව මෙයයි.

විගණන නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් එම විමර්ශනවල යෙදී සිටිති.  විගණන නිලධාරීන් මෙම වියදම් සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන්ද  ප්‍රශ්න කිරීමට නියමිතය.

පසුගිය  පාර්ලිමේන්තුවලදී 
(හත අට සහ  නවය)   සිදුකර ඇති වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවයක්  තිබී  නැති බව සහ  ඇතැම් වියදම් සම්බන්ධයෙන්  සෑහීමට පත් නොවීම සැලකිල්ලට ගෙන  කතානායකවරයා එ් ගැන   විමර්ශනයක්  පවත්වන ලෙසට  මෙසේ ඉල්ලීම් කර තිබිණි.

පාර්ලිමේන්තුවේ ඇතැම් අංශවල විගණන කටයුතු පසුගිය කාලයේදී  පෞද්ගලික ආයතනවලින් කර තිබෙන  බවද මෙම  විමර්ශනවලදී  දැනටමත්  තොරතුරැ  හෙළිවී ඇත.

හිටපු  කතානායකවරුන්ගේ නියෝජ්‍ය කතානායකවරුන්ගේ සහ නියෝජ්‍ය කාරක සභාපතිවරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් වාහන පාවිච්චිය, කතානායක නිල නිවාසයේ ආහාර වියදම්, පාර්ලිමේන්තුවේ  විදුලි සහ වෙනත්   වියදම්  ඇතුළු වියදම්  මෙම විගණනයේදී පුළුල්ව සොයා බැලෙනු ඇත.

අනතුරුව එම වියදම්  සම්බන්ධයෙන්  විශේෂ  විගණන වාර්තාවක් කතානායකවරයාට භාර දීමට නියමිතය. කතානායකවරයා විසින් එම වාර්තාව අනතුරුව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු  ඇත.

මේ අතර වර්තමාන  දස වැනි  පාර්ලිමේන්තුවේ වියදම් විශාල වශයෙන් කපා හැරීමට කතානායකවරයා පියවර ගෙන  ඇතැයි කතානායක කාර්යාලය පවසයි.

 

 



අදහස් (0)

විගණනය මැතිසබය පීරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site