
(සමන් කේ. ගමගේ)
විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කළාය.
එලිසෙබෙත් සුජාතා භික්කුනීය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට ද අමතක නොකළාය.
පැවිදි දිවියට එළඹීමට පෙර එලිසෙබෙත් සුජාතා භික්කුනීය වියට්නාමයේ රූ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා ඇති අතර ය විශ්ව රූ රැජිණ ලෙස ද කිරුළ හිමි කරගත්තාය. අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් ඇය සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹීමට තීරණය කර ඇත.
සුජාතා භික්කුනී මෙහෙනින් වහන්සේගේ පැවිදි දිවියට වසර 15ක් ගතවීම නිමිත්තෙන් ලංකාවට වැඩම කොට ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මිහින්තලා රාජමහා විහාරස්ථානයට පෙරේදා වැඩම කළ සුජාතා මෙහෙනින් වහන්සේ, ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීම හා මිහින්තලා පුද බිමේ වන්දනාමාන කටයුතුවල නිරත වු සේක. එමෙන් ම වැදපුදා ගැනීමට පැමිණී බැතිමතුන් සමඟ සුහද පිළිසඳරක ද යෙදුණු අයුරු දක්නට ලැබුණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාග්‍යවතුන් වහන්සේ විද්‍යාත්මකව හෙළිකළ ධර්මය අවබෝධයෙන් සසරින් එතෙරවන මග යන මේ උත්තමාවියට නමස්කාර වේවා !
උගතුන්, බුද්ධිමතුන් සසර කළකිරී සසරින් එතෙරවීමට උත්සාහ කරද්දී ලංකාවේ සමහරක් පිරිස් කිසිම තේරුමක් නැතිව කටයුතු කරනවා. සසර දිගුවීමට හේතුවක් ලෙසට බුදුහාමුදුරුවෝ දේශනාකලේ තණ්හාව නිසා කියලා තමයි. ඒත් ඉතින් දැන් කාලයේ සමහරක් පිරිස් විවිධාකාරයෙන් තණ්හාව එකතු කරද්දී මෙතුමිය සසරින් එතෙරවීමට උත්සාහ කරනවා... සාදු සාදු සාදු...!
මේ පින්වත් භික්ෂුණියගේ ගමන් මග අපටත් ආදර්ශයක් වේවායි ප්රාතනා කරන අතර බුදු දහම විද්‍යාත්මකයි වැනි මුග්ධ ප්‍රකාශ සිදු කරමින් සදාතනික වූ ධර්මයට, සර්වඥතා ඥනයට නිගරු කරන මෙන් යෝජනා කර සිටිමු.
මිලකල නොහකි පුරාන වටිනාකම් වලින් සමන්විත ගල්පිලි මත සිවුරු පොරවනවාට වඩා බුදුන්ගෙ දේශනාව අවබෝද කරගෙන චීවරයක් දරාගෙන බුදුන්ගෙ මාර්ගයෙ ගමන්කර නිවනට ලගාවීම උතුම් ක්‍රියාවක්
ජීවිතයේ සරල යථාර්ථයට පෙර වදනක් - සිත් පහන් වේවා...!!!
විද්‍යාත්මකව යන යෙදුම උචිත නොවේ...
සංසාරං පුබ්බෝ - ඒක ඇතුළෙ ඉබ්බෝ ..
එතුමිය විහාර භූමියට වඩිනා හැටි ඡායාරූප ගත කරන්නේ අපේ භික්ෂූන් වහන්සේ නමක් නේද?
අපේ රටේ පාලකයන්ට මේ දහමෙන් අබ ඇටයක් තරම් බිඳක් වත් අවබෝධ නොවීම තමයි අපේ අවාසනාව.
ඔබ මෙහෙනින්වහන්සේ ජීවිජීවිදාවබෝධය තේරුම්ගෙ පැවිදි ඌවාට ඔය මිහින්තලේ තෙර සිවුරක් පැලද තන්හාව ,වයිරය පොදිබැඳන් දේශපාලුවන්ගේන් වාසිතකා කඩේයනවා. ඔබ වහන්සේ උමන්දාවට යන්න ගොස් සාකච්චාකරන්න සිරිදම්ම තෙර සමග.
කාමයන්ගේ ආස්වාදයට වැඩිය ආදීනවය මහා විශාල බැවින් ඒ බව උන්වහන්සේ තේරුම් ගෙන මහණ වෙන්න ඇති. අවාසනවකට මෙන් මහණ දම් පුරන බහුතරයක් භික්ෂුන් වහන්සේලා කාමයන් පසු පස ගොස් ගිහි ජිවිතය නැමැති රත් වුනු ගිනි වලට පනින්න හදන්නේ මොන මෝඩ කමකටද කියා මට තේරෙන්නේ නැත.
භාග්‍යවතුන් වහන්සේ විද්‍යාත්මකව හෙළිකළ ධර්මය අවබෝධයෙන් සසරින් එතෙරවන මග යන මේ උත්තමාවියට නමස්කාර වේවා !
මහින්දරාජපක්ශට. පන්සල් ගිහින් වදින්නෙ නැතිව ඉන්න බැහැනෙ. පිරිත් නුලක් නැතිව කිසිම දවසක් අතේ. අඩුවක් නැහැ. පුත්තු තුන්දෙනව ලොකු පුටුවල ඉන්දන්න ම කල්පනා කරන්නෙ ඔය වදිනක්වැදිල්ලට. නාමල් බේබිව මහන කරන්න. තිබුනා. එහෙම වුනත්. නුවර මාලිගාවේ ලොකු හාමුෆ්හුරුවන්ගෙ තැන දෙන්න වෙයි මේලෝ සසරක් දන්නෙ නැති එකාට. සසර කලකිරෙන්නත් දියුනු මනසක් තියෙන්න ඕන. එහෙම කිසිම දෙයක් මුලු ප්ව්ලටම නැහැ. හොරාකන්න. විතරයි ෆ්හන්නෙ
ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් නිවනින් සැනසෙත්වා...!
අම්මෝ! මට නම් මෙහෙණින් වහන්සේ ගැන විශාල බියක් දැනෙනවා... ලංකාවේ අය ගැන නොදන්නවාද මන්දා..? වැඩිය එහෙමෙහෙ වැඩම නොකොට, දළදා සමිදුන් වැඳ පුදාගෙන හැකි ඉක්මනින් ආපසු සියරටට වැඩම කරන්න..අපේ මෑණියනේ!!!
බුදුදහම ඔසවා පෙන්වීම සඳහා බොරු ප්‍රචාරය කිරීම නවත්වන්නේ කවදාද.? මැය විශ්ව රූ රැජින ලෙස තබා වියට්නාම් රූ රැජින ලෙස වත් කෙදිනක හෝ තේරිලා නැහැ.