
(ඉන්දිකා රාමනායක)
මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පන්නිපිටියේදී අනතුරට ලක් වූ ලොරි රථයේ රියැදුරුට මහ පාරේ දී පහරදුන් පොලිස් කොස්තාපල්වරයා සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිස් කොස්තාපල්වරයා රියැදුරට පහර දෙන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග මෙම පරික්ෂණය ආරම්භ කර තිබුණි
රියැදුරු අත වරදක් තිබුණ ද මහපාරේදි මේ අයුරින් පහරදීම කිසිසෙත්ම අනුමත නොකරන බව ද අජිත් රෝහණ මහතා කීය.
අනතුරින් තුවාල ලැබූ මහරගම පොලිසියේ රථවාහන අංශයේ සථානාධිපතිරරයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
ව්‍යායාම්වලට යන්න වෙලා මදි... ඒකයි පාරේදීම ව්‍යායම් කරන්නේ... ඇයි බයයිද?
අජිත් රෝහණ නොකිය කියා සිටින්නේ පොලිසිය තුලදී මෙවැනි කෘෘර ලෙස පහර දීම් අනුමත කළහැකි නමුත් මහපාරේදි මහජනතාව ඉදිරියේ මේ අයුරින් පහරදීම කිසිසෙත්ම අනුමත නොකරන බවයි...
මේක අපේ ආණ්ඩුව කිව්ව පොලිස් නිලධාරියා නම් මම නෙවෙයි....!
පොලිසියේ ඉන්නේ වැඩි දෙනෙක් සුනඛයින්... හොඳ අය පොඩි ගාණක් ඉන්නවා.
නීතිය කොයිබද? මෙවන් දේ ජිනීවා වලට හොඳට උත්තර දෙනවනේ...
වරද ලොකු වුවද, පොඩි වුවද දඬුවම් ලැබිය යුත්තේ නීතියෙනි.
ගිනි අවියක් දුන්නනම් මොනවා කරයිද
අහිංසකයින්ට උඩ පැන පැන පහර දෙනවා
මියන්මාරය හොදයි
කොහොමත් පොලිසිය බලන්නේ... ගහන්නේ නැතිනම් දඩ ගහන්න.
ලංකාවේ කෝ මානව හිමිකම්? මානව හිමිකම් කොමිසම එනකොට නාහෙන් අඬනවා. නීතිය රකින්න ඉන්න අය අහිංසක මනුස්සයෙක්ට බිම දාගෙන ගහනවා.
මේ රටේ ජීවත් වෙන්න නම් දේශපාලකයකු, පූජකයෙකු හෝ ආරක්ෂක අංශයේ අයෙක් විය යුතුමයි. මෙවැනි දේ නිසා මේ රටින් තුරන් වීම මගේ අදහස දිනෙන් දිනම ශක්තිමත් වේ.
පාරෙදි හැසිරීම මෙහෙම නම් පොලිසිය ඇතුලේ කොහොමට ඇත්ද?
දැන් ඕකට කමිටුව පත්කරලා එනකොට කොච්චර කාලයක් යයිද නේද..? නොහික්මුණු මිනිස්සු .. වීඩියෝ එක හරියට බලන්න... එතැන පොලිසි ලොක්ක එකපාරට පාරට එන්නේ .. ලොරිය කෙළින් යන්නේ.. එතකොට තමයි පොඩ්ඩක් වදින්නේ... ඉක්මන් කෝපය... මිනුවන්ගොඩ දවස් දෙකකට කලින් වුණේත් ඕක තමයි. බස් එක වැරැදි නැහැ. අනික තමයි නීතිය... අනතුර වළකා නොගැනීම.. මාර නීති නේද?
අර පිටිපස්සෙන් ඉන්න සුදු කමිසේ ඇඳන් ඉන්න එක්කෙනත් කාටදෝ ගහනවා දැක්කා. මේ පොලිස් නිලධාරීයාටද, ගුටි කාපු රියදුරාටද කියලා පැහැදිලි නැහැ. නමුත් එයාවත් නීතිය ඉදිරියට පමුණුවන්න වෙනවා. පෙනුනේ නම් අර ගුටි කන හාදයාටම නෙලුවා වගේ...
නීතිය කොයිබටද සොයුර?
රියැදුරු අත වරදක් තිබුණද?... එතකොට දැන් වරදකරු නිවැරදිකරු කරන්නේ අජිත් රෝහණද?
ඉස්සර අපි මන්නාරම හමුදාවේ රාජකාරි කරනකොට කොටින්ට බයේ දුවපු පොලිසිය දැන් අහිංසක මිනිසුන් ඉදිරියේ සිංහයින් නරියන් වෙලා. මෙයානම් පුත්තලම් බූරුවෙකි.
නොසැලකිලිමත්ව රිය පදවන විට සමහර අවස්ථාවලදී අදිසි කෝපයට පත්වීම සාධාරණයි.
හිට්ලර් වෙලා හරි රට හදන්න කිව්වා. මානව හිමිකම් කන්නද ඇහැව්වා. ඔන්න බයියනේ ප්‍රතිඵල එනවා. දැන් ඉතින් බලාගෙන ඉන්න.