(අංජුල මහික වීරරත්න)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.
ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කරති.
එම නිසා විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ අත්බෑග් පරීක්ෂා නොකෙරෙන බව එම නිලධාරීහු පවසති.
විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර තිබේ. එමගින් ගුවන් මගීන් අත්බෑග් වලින් ගෙන එන නීති විරෝධී භාණ්ඩ සහ බදු ගෙවීමකින් තොරව ගෙනෙන භාණ්ඩ පිටතට රැගෙන යාම වැලකෙන බව රේගු නිලධාරීහු කියති.
ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැලැක්වීම සඳහා ජනාධිපති ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසයි.
ඊට අදාළ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.
රත්‍රං කිලෝ තුනක් හා ජංගම දුරකතන සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රේගුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ ගැන සොයා බැලූ ලේකම්වරයා මෙම උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාද ස්කෑන් කරන කෙනා, දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ..., ස්කෑන් කරලා අල්ලා ගත්තාම කියයි යන්න දෙන්න කියලා..., එහෙව් කෙනෙක් මේ... හොඳම උදාහරණේ ජපන් තානාපති පගා ඉල්ලුවයි කියලා ගොඨාභයට කියලා දොට්ට දාලා සිරිපාලට නැවත ඇමතිකම දීපු විදිය...
දැන්ද මතක් වුනේ ඉස්තාලය වහන්න. රට බංකොළොත් වුණාට පස්සේ. ඕවා බොරුවැඩ... ඊට වැඩිය නරකද ගොබ්බ රැලගේ ගෙවල් වලට ගිහින් පෙට්ටගම් ඇරලා බැලුවා නම්...! ඔවුන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරලා. නීති විරෝධී ලෙස හොරගත් මුදල් දේපල. රාජ සන්තක කරලා. පිංගුත්තර රැල හිරේට දැම්මා නම්... නීතියක් නැති රට... මොන මැෂිම සවිකෙරුවත් වැඩක් නැහැ. කපුටු රල යන එනකොට... ඔය මැදින් වැඩ කරයිද? බොරු වැඩ නොකරන් රනිල්... ප්‍රධාන දේ. රටේ නීතියක් නෑ. තමන්ට ඕන ඕන විදියට ජීවත් වෙන්නේ... වැඩ කරන්නේ තියෙන කෙනා. කලින් හිටපු රටේ නායකයින්... මිනීමරුවන් නිදහස් කරලා. පොකට් පුරෝ ගත්තා. ලෝකයේ දියුණු රටවල් මේ වගේ දෙකේ වැඩ කරයිද?
අශ්වයා පැන්නාට පස්සෙද ස්ථාලේ වහන්නේ. ඕක කළින් හිතුනේම නැද්ද? ඔය පර්යන්තයෙන් එන අය තමයි... ලංකාවේ ඉන්න හොඳම හොරු ටික...
විදේශ රටවල බොහෝමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවිකර තිබේ, ලෝකයේ වෙනත් රටවල දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන් සහ විදේශ තානාපති සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින් VVIP- VIP සහ ඔවුන්ගේ පාස්පෝර්ට් කුමක් වුවද, පැමිණෙන සෑම පුද්ගලයකු සහ ඔවුන්ගේ හෑන්ඩ් ලගේජ් අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර තුළ පරීක්ෂාවකින් පසු ලබා දේ... සත්‍ය වශයෙන්ම එම ගමන් බෑග් සියල්ල පරික්ෂා කළයුතු වේ.
දේශපාලකයා ආ ගිය සෑම තැනක්ම හොරකම, වංචාව හා බොරුව නිසා විනාශ වුණා. ඒ වගේම, දේශපාලකයන් නිසා රට, ජාතිය, ආගම හා පාර්ලිමේන්තුවත් වෙනත් බොහෝ තැන් හා දේත් පිරිහී විනාශ වුණා. හොරකම් කරන දේශපාලකයන් ප්‍රභූ පර්යන්තය යොදාගෙන හොරකම් කිරීම නිසා එහි ඇති ගරුත්වයත් නැතිව ගියා. එය දැන් හොරුන් අරක්ගත් පර්යන්තය බවට පත්වුණා.
රටේ හැම තැනම ඉන්නේ හොරු... ලොකු මැෂින් එකක් ගේන්න ඕනෑ කෝටි දෙකක්ම එකවර ස්කෑන් කරන්න පුළුවන්...
මේ යන්ත්‍රත් නොරොච්චෝලේ වගේ හැමදාම කැඩෙන්න ගනීවිද?
දැන් ඔය වංචා චෙක් කරන්න ගෙන්නන්න යන යන්ත්‍ර ගෙන්වද්දී හොරා නොකෑවොත්, මගේ කන් දෙක කපලා, මැෂින් එක දෙපැත්තේ එල්ලනවා.. ගොන්පාට් දෙන්න එපා... රේගුවේ අය එක්ක ෂේප් කරගන්න පුළුවන් නම් ඉතිං දේශපාළුවන් අවශ්‍ය දේ කරයි. මැෂින් අසරණයි...!
පාඨකයා මුලා කිරීමට ගෙනා තවත් යෝජනාවක්...
අර්ජුන් මහෙන්ද්‍රන්ව ගමන් මල්ලක දාගෙන එන්න අමාරුයි. සිංගප්පූරු ගිය වෙලේ හම්බවුණේ නැතෙයි...
ලංකාවේ ප්‍රභූවරු නැහැ. ඉන්නේ දූෂිත දේශපාලුවෝ, මහාපරිමාණයේ හොරු. මීට කලින් දූෂිත දේශපාලුවෝ මොන මොන දේවල් ගේන්න ඇත්ද?
රනිල්ගෙ විශේෂ අමුත්තො එනකොට ඔය යන්ත්‍ර ඕෆ් කරලා පරීක්ෂාවට ඉන්න නිලධාරීන් හැංගෙන්න ඕනි හොදේ.. අර ඇමරිකන් ප්ලේන් එකෙන් ආපු කට්ටිය වගේ
මෙහෙම අපතයින්ට ජාවරම්කාරයින්ට හොරුන්ට චන්දෙ දීලා බලයට පත් කරගත්තට රටේ බහුතර 69 ලක්ෂයට හොඳ වැඩේ. විඳව විඳව ඉන්න