IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ලිට්‍රෝ - ලාෆ් දෙකම නවතී


(යොහාන් භාසුර)
ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවූ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
වර්තමාන වෙලළඳපොළේ ඇති ගෑස්වල සුවඳ වාහන වන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති ද්‍රව්‍ය ඇතුළත්ව නොමැති බවත් ගෑස්වලට එම ද්‍රව්‍ය ඇතුළත්කරන තෙක් සැපයුම අත්හිටුවන ලෙස අදාල සමාගම්වලට උපදෙස් දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.  
ගෘහස්ථ ගෑස්වල සංයුතිය වෙනස් කිරීම පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (02) රාත්‍රි පැවැතී විශේෂ සකච්ඡාවේදී මෙම තීරණයකට එළඹී බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 

 


පෙරවරු 7.42

(නිමන්ති රණසිංහ,විනීතා එම් ගමගේ සහ යොහාන් බාසුර)

නැවත දැනුම් දෙන තුරු වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය වාර්තාවල නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ය.

මෙම වසර තුළ ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් 135 ක පමණ වාර්තා වී ඇති අතර මෙම පිපිරීම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ද මේ වන විට ආරම්භ වී තිබේ.



අදහස් (26)

ලිට්‍රෝ - ලාෆ් දෙකම නවතී

Deepal Nirosh Friday, 03 December 2021 08:23 AM

දැන්වත් මොළේ පෑදුණා ඇති, බොරු කොමිටි දාලා පර්යේෂණ කරකර කල් මර මර හිටියා. ගෑස් පිපිරීම් පිළිබඳ පුවත දැනගත් වහාම පළමුව කළ යුතුව තිබුණේ මෙයයි. දැනට වෙළඳපලට නිකුත් කර ඇති ගෑස් සිලින්ඩර අලෙවියත් වහා අත්සිටුවිය යුතුයි. ඒවා රටපුරා ආදාහනාගාරවල භාවිතයට නිකුත් කර නියමිත ප්‍රමිතියෙන් යුතු නව ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කිරීමයි දැන් කළ යුත්තේ...

:       0       8

සඳුන් Friday, 03 December 2021 08:26 AM

මුලින් කරන්න ඕන දේ අවසානයට කරන නොහැකියාවෙන් පිරුණු අසාර්ථක ආණ්ඩුවක්. පත්කල කමිටුව කරන්නෙත් ජනතාව වෙනුවට කොම්පැණි ආරක්ෂා කරන්න උඩගෙඩි දෙන එක විතරයි.

:       0       15

Jay Friday, 03 December 2021 08:38 AM

දැන්ද ඇහැරුනේ...?

:       0       9

bandara Friday, 03 December 2021 08:59 AM

දැන් ඉතින් කාලා වරෙන්කෝ, පොහොර සහනාධාරය නවත්තන්න කාබනික ගෙනාවා වගේ, ගෑස් හිඟයට විසඳුමක් විදියට සංයුතිය වෙනස් කරලා පිපිරෙන්න හැදුවා කියලා මට නිකමට වගේ හිතෙනවා...

:       0       8

Nimal Friday, 03 December 2021 09:00 AM

දැන්ද නින්දෙන් අවදි වුණේ..? ඕක කරන්න තිබුණේ මුලදීම. පොඩි එවුන්ට තියෙන මොලේවත් මේ අයට නැහැ.

:       0       7

සෑම් Friday, 03 December 2021 09:54 AM

ව්‍යාජ විරුවා 69 ලක්ෂයට විතරක් නෙමෙයි මුළු රටටම සැප දෙනවා, අනේ වාසනාවන්...!!!

:       4       32

මහසෙන් Friday, 03 December 2021 10:00 AM

තාවකාලිකව කියන්නේ අඩුම තරමේ කවදා වෙනකල් වත්දවත් කියනවලා ආසන්න වශයෙන් වත්.. ආයෙත් ගෑස් පෝලිම් හදන් නැතිව. මරු දැනුවත් කීරීම් මේවා..!!!.

:       0       17

සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 December 2021 10:12 AM

මේ ගෑස් කාන්දුවීම් හා සිදුවූ පිපිරීම් ගැන නිසිලෙස නීතිය ක්‍රියාත්මක වුණා නම්, මෙලහටත් සමාගම් වලට නිසි දඬුවම් ලැබිලා. ඒත්, ගෑස් සමාගම් වලට රටේ දේශපාලන සහ නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනත් ආකාරයකට. ඒ වුණාට පාඨලී චම්පික රණවකගේ වාහනය පිටුපසින් ඇවිත් හප්පපු රිය අනතුරට නීතිය ක්‍රියාත්මක වෙන්නේ පස්සෙන් පන්න පන්නා තමයි. ඒ වුණාට එක නීතියක්, එක රටක් කියා වචනයට කිව්වාට, ක්‍රියාත්මක වෙන්නේ වෙන වෙනම විදිහට. එක රටක්, එක නීතියක් තිබේ නම්, මේ වෙන කොට, රටේ ගෑස් ටැංකි ඔක්කොම එකතු කරලා, මිනිසුන්ට මුදල් ගෙවලා ගෑස් සමාගම් තහනම් කරලා, වෙනත් සමාගම් වලට රටේ ගෑස් සැපයීම පවරලාත් ඉවරයි...

:       2       19

Siri Friday, 03 December 2021 10:16 AM

සංයුතිය හරිගස්සන්න කියන්නේ නැතිව කැකිල්ලේ තීන්දුවක් අරන්...

:       1       12

Herath Friday, 03 December 2021 10:38 AM

පුළුවන් තරම් ගෑස් වෙනුවට වෙන විකල්පවලට යොමුවෙන එක තමයි කරන්න තියෙන්නේ... මෙයාලා ඊළඟට ආයෙත් ගාන වැඩි කරගනියි. තුවාලවෙච්ච, මැරිච්ච මිනිස්සුන්ට කාගෙන්වත් පිහිටක් ලැබෙන්නේ නෑ. විදුලියෙන් වැඩකරන මල්ටි කුකර් (රයිස් කුකර් එකකට සමාන) උඳුනක් තියෙනවා. එ්කෙන් ගොඩක් කෑම, වෑංජන වර්ග අඩු විදුලියකින් හදාගන්න පුළුවන්. ඒ වගේම පොල්කටු අඟුරුවලින් උයන්න පුලුවන් ලිප් තියෙනවා. ඒ වගේ විකල්පයක් තියාගන්න එක හොඳයි ගෑස් ගැනම බලන් ඉන්නේ නැතිව...

:       1       10

අබිලින්Friday, 03 December 2021 02:17 PM

හේරත් මහත්තයෝ, පොල් කටු අඟුරු ලිප් තියෙන්නේ කොහිද කියන්න? මම කාලෙකට පෙර එක්තරා සමාගමක දර කැබලි දමා පත්තුකරන ලිපක් ගත්තා. එය කැඩුණු නිසා උපාංග ගැනීමට අදාල සමාගමට කතා කළා. ඒවා දැන් නැහැ කිව්වා. එවැනි රැවටිලි කාරයින් නැවත මතුවේවි...

:       0       4

HerathSaturday, 04 December 2021 09:11 AM

ඔබ කියන කතාව ඇත්ත. මමත් කාලෙකට කලින් ගත්තු පොල්කටු අඟුරු ලිපක් තියෙනවා. දැන් ඒක ගත්තු සමාගම නෑ. නමුත් ලිප තාම හොඳට වැඩකරනවා. ඒ වගේම ඒක හොඳ නිර්මාණයක් කියලයි මම හිතන්නේ... මේ ලිප් නිර්මාණය කරපු අය ඔවුන් බලාපොරොත්තු වූ තරම් අලෙවි නොවීම, ලැබුණු ලාභය ප්‍රමාණවත් නොවීම, වගේ හේතු නිසා වැඩේ අතහැරලා දාලා කියලයි මම හිතන්නේ...

:       0       2

JCN Friday, 03 December 2021 10:46 AM

හානිවලට වන්දි ගෙවන්නේ නැද්ද ලිට්‍රෝ සමාගම..? මේක තනිකරම තක්කඩි වැඩක්...

:       0       11

සලීම් Friday, 03 December 2021 11:25 AM

යකෝ... ගෑස් වලට සුවඳ ගහන එක නෙමෙයි මහජනතාවට ඕන... ගෑස් කාන්දුවීම් සහ පුපුරන එක නවත්වන්න. මේ ඇමතියෝ කියන පට්ට ගොන් කතා අහලා ජනතාවට මලපැනලා ඉන්නේ. කොච්චර විද්වතුන් කියනවද? ගෑස් සංයුතිය හොරෙන් වෙනස් කරපු නිසයි මේ ගෑස් පුපුරන්නේ කියලා. අපි TV නිව්ස්වල දැක්කා... ලිට්රෝ ආයතනය පවා පිළිගත්තා මේ කතාව... අද මුළු රටේම ගෘහණියන් ගෑස් ලිප පත්තු කරන්නේ මරණ බියෙන්... මෙහෙමත් ගොන් පාලනයක් අපි ඉතිහාසයේ දැකල‍ා නැහැ.

:       1       16

Malika Friday, 03 December 2021 12:03 PM

ළඟදීම රතුපාටින් සිලින්ඩර එන හැඩයි. බලමු ඒකේ නම් ඔක්කොම ටික හරියටම තියේවි...

:       1       7

nimal Friday, 03 December 2021 12:56 PM

ගෑස් කාන්දුවක් අනාවරනය කර ගැනීම සඳහා එකතු කරන ගඳ සහිත සංයෝගය ඉවත් කළේ ඇයි? CID පරීක්ෂණයක් අවශ්‍ය ඒ නිසයි.

:       0       10

NuwanFriday, 03 December 2021 02:12 PM

ගෑස් කාන්දු සහ පිපිරීම් හිතාමතාම ආණ්ඩුව විසින් ඇතිකළ බව මෙමගින් ඔප්පු වෙනවා. කවුද කිව්වේ එම සංයෝග ඉවත්කරන්න මෙය අන්තර්ජාතික මානව හිමිකම් එකට විතරයි කියන්න ඉතුරුවෙලා තියෙන්නේ. ආණ්ඩුවේ අරමුණ සමූල ඝාතනයක්...

:       1       9

vikum Friday, 03 December 2021 04:13 PM

සර් දැන්නම් හොඳටෝම ඇති...

:       1       3

asanka Friday, 03 December 2021 05:32 PM

බොහෝ විට ගඳ සහිත සංයෝගය ඉවත් කරන්නට ඇත්තේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීමට විය හැක. මෙය අතිශය වගකීම් රහිත ක්‍රියාවක්....

:       0       2

Demuni Uduwara Friday, 03 December 2021 08:13 PM

පුද්ගලීකරණය අනිවාර්ය විය යුතුයි...!!!

:       0       0

මෝ Friday, 03 December 2021 08:20 PM

ගොන් කතා කියමින් ඇදගෙන ගිහින් දැන් නැවැත්තුවා. මේ වගේ ගොන් බූරු, තක්කඩි හැත්තක්ද රට කරන්නේ? දැන්වත් සිලින්ඩර ආපහු එකතු කරලා හරි ප්‍රමිතියෙන් නිකුත් කරපියව්... මේ වැරදි තීරණ ගත්තු අයට දඬුවම් දීපියව්... ඉදිරියටත් මේ වගේ ප්‍රශ්න හැම භාණ්ඩයක් වෙනුවෙන්ම ඒවි. ඇයි ඩොලර් නෑ. කුණු ගොඩවල් රටට ගෙනේවි. මොල හතා ඕවා පිටිපස්සේ ඇති. මොන ලෙඩේ වැටුණත් ඕක, පනිනවා බලන්නකෝ...

:       1       2

Shantha - Qatar Monday, 06 December 2021 05:34 PM

මොකක්ද මේ කතා විලාසය

:       0       0

Perera Friday, 03 December 2021 10:31 PM

වෙන රටවල් වල ඔහොම වුණා නම් ගෙවල්වල තියන සියලුම ගෑස් සිලින්ඩර වහාම ආපසු නියෝජිත ස්ථානවලට බාරදෙන්න වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා...

:       0       1

Athanasius Fernandopulle Saturday, 04 December 2021 08:19 AM

ගෑස් උඳුන් පිපිරීමෙන් සිදුවුණු පාඩුවට ගෑස් සමාගම් වන්දි ගෙවිය යුතුයි. යම් හෙයකින් යම් පුද්ගලයකුට හානි වුණොත්, මරණයකට පත්වුණොත් මිනීමැරුම් චෝදනා යටතේ ගෑස් සමාගම් වලට නඩු පැවරිය යුතුයි. තමන්ගේ ලාභය වැඩි කර වැඩිකර ගැනීම සඳහා මනුෂ්‍ය ජීවිතවල වටිනාකම අවතක්සේරු කළ ගෑස් සමාගම් සම්බන්ධ දැඩි පියවරක් ගත යුතුයි. මිනීමැරුම් චෝදනා යටතේ නීතිය උපරිමයෙන් ක්‍රියා කළ යුතුයි.

:       0       1

fairoos Sunday, 05 December 2021 02:58 PM

ඉන්න හිටින්න රටක් දුන්නා... දැන් සැපද?

:       0       0

sampath Sunday, 05 December 2021 10:14 PM

සියලුම සිලින්ඩර් එකතු කරලා නිසි ප්‍රමිතිය සහිත ගෑස් සිලින්ඩර් වලට ස්ටිකර් එකක් ගහලා එවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1136 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 433 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 881 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 844 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 328 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 515 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site