
(නිමන්ති රණසිංහ,එච්.චන්දන සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
පොලීසියට ඉදිරිපත් කළ පැමිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
අල්ලස් කොමිසම මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී අද (28) දහවල් කාලයේදීය.
COMMENTS
දැන් ඉතිං එයා ඉවරයි. මෙය අනෙක් නිලධාරීන්ට පාඩමක් වේවා...!
හැම පොලිස් නිලධාරියෙකුම ඔය දේ කරනවා.
හැඟීම්වලට වහල්වෙන්න ගියාම පොලිසියට අහුවන බව නොදන්නා පොලිස් ස්ථානාධිපතිවරයෙක්....
පොලිස් යන වචනයට අදාළ අකුරුවලින් කියවෙන වචනවලට අමු අමුවේ අපහාස කර ඇති මේ "පොලිස් බල්ලා" පොලිසියට අදාළ නිල ඇඳුමට එම "බල්ලා" විසින් මුත්‍ර කර ඇති බැවින් උපරිම දඩුවම් ලැබේවා යන්න අප ප්‍රාර්ථනා කරන්නෙමු. මෙම අදහස් පොලිසියේ ඉහල නිලධාරියාට කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...! අප බලාපොරොත්තු වෙනවා ඔබ එඩිතර නිලධාරියෙක් බැවින් මොහු පොලිස් සේවයෙන්ම පන්නා දමනු ඇතැයි කියා....
මේක අලුත් දෙයක් නොවේ. ලස්සන කාන්තාවන් කෙරෙහි ඇල්ම, බැල්ම, ඇතිවෙනවා. පොලිසිය පමණක් නොවේ හැම ආයතනයකම ලොක්කෝ බොක්කෙන්ම උදව් කරන්න හදවතින්ම ඕනැම වේලාවක ලෑස්ති වෙලා ඉන්නේ...
අනේ මම දන්නේ නැහැ... හැමදාම පොලිසියේ කවුරුහරි කෙනෙක් මොනම හරි ජරා වැඩකට මාට්ටු වෙනවනේ... මේකට ප්‍රධාන හේතුව තමයි පොලීසිය දේශපාලකයින්ගේ අතකොලු වීම. ඒක නැතිවුණු දවසට පොලීසිය හදයි.