
(යොහාන් භාසුර)
ලාෆ්ස් ගෑස් මිල අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇතැයි එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740කි.
කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720කි.
ගෑස් තොග මිලදී ගැනීමේ දී සිදුවන පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව සමාගම නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුදය දෝරෙ ගලාගෙන යනවා
ලාප් ගෑස් මම පාවිච්චි කරන්නේ 2004 වසරේ සිට එම සමාගමේ බෙදා හැරීම, මීල සමබන්ධ කිසිම පැහැදීමක් මා සතුව නැත. අප අසරන වූ වාර අනන්තයි. ලාප් ගෑස් පාවිච්චි නැවතීමට මාහට කාලය ඇවිල්ලා.