
(ටී.කේ.ජී.කපිල)
පිලිපීනයේ පැවති " මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 '' ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී " ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගත්තාය
ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/30 දින සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර මෙම තරගාවලිය පැවැත්විණි.
ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic යන සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වූවාය.
ආදිත්‍යා වැලිවත්ත ජනප්‍රිය ගායිකාවකි. කිරුළ දිනාත් ආදිත්‍යා අද අලුයම දිවයිනට පැමිනියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ලොකු අභිමානයක්.ඔබ තුමියට ඉහළම දක්ෂතා ඇති බව අපි සජ්ජායනා රූපවාහිනී වැඩසටහන් මෙහෙයවීම තුළින් අපි ඉතාම ඉහලින් රසාස්වාදය වින්දා.ඔබට ලස්සන අනාගතයකට සුබපැතුම්.
මේ තරම් ජයග්‍රහනයක් ලැබ පැමිණියත් ඇයට කිසිඳු පිලිගැනීමක් නොකලේ මන්ද?