
(ඩී.ජී.සුගතපාල,සුමතිපාල දීයගහගේ)
අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේදි අද (04) පෙරවරුවේ කුඩා ලොරි රථයක් දුම්රියේ වැදිමෙන් එහි රියදුරු බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව අහංගම පොලිසිය පවසයි.
තැඹිලි කපා පැටවිම සඳහා ලොරිය කබලාන සිට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට පැමිණිමේදි අපරික්ෂාකාරි ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමට යාමේදි මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ හැපිමෙන් අනතුර සිදුව ඇත.
ලොරිය දුම්රියේ වදිනවාත් සමගම ඉදිරිපස අසුනේ සිටි රිය සහායකවරයා පිටතට පැන දිවි බේරාගෙන ඇති අතර රියදුරු ලොරියේ සිරවි සිට ඇත. පසුව ප්‍රදේශවාසින් එක්ව රියදුරු පිටතට ගෙන කරාපිටිය රෝහලට යවා ඇත.
කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ තත්වය බරපතල බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 ඔක්තෝබර් මස 08
1703
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොරි රථයක් දුම්රියේ ගැටී රියදුරු රෝහලට