
(යොහාන් භාසුර)
ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ව්‍යාපෘතිය පුත්තලම් ප්‍රවේශයෙන් අද (25) මධ්‍යම රාත්‍රීය සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (25) පැවසීය.
කොළඹට ප්‍රවේශවන ප්‍රධාන මාර්ගයක් වන පුත්තලම් ප්‍රවේශය හරහා එනම් යාපනය සිට කොළඹ දක්වා, මන්නාර සිට කොළඹ දක්වා සහ තලේමන්නාරම සිට කොළඹ දක්වා ලෙස පොදු කාලසටහනකට අනුව බස් රථ ධාවනය කරන බවත් නිෂ්චිත වෙලාවට බස් රථය ධාවනය ආරම්භ කර නියමිත වෙලාවට ගමනාන්තය දක්වා ළගාවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
පුත්තලම් ප්‍රවේශය හරහා යන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථ ජීපීඑස් තාක්‍ෂණය ඔස්සේ අධීක්‍ෂණය කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අදාල බස් රථ නිශ්චිත ස්ථානවලට ළගාවිය යුතු කාලයන් ද නිලධාරීන් යොදවා අධික්‍ෂණය කරන බව ද සඳහන් කළේය.
ලබන වසරේ (2026) දෙසැම්බර් 31 වන විට මෙරට බහුතරයක් ප්‍රවේශයන්ගේ පොදු ප්‍රවාහන බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් මගී ඉල්ලුම පරිදි ඉදිරියේදී පොදු කාලසටහන වෙනස් කරන බවත් ඒ මහතා කීය.
මෙම අදියරේදී කටුනායක, තෝප්පුව, මාදම්පේ, පලාවිය, පුත්තලම, සාලිය වැව, අනුරාධපුර නව බස් නැවතුම් පොළ, මැදවච්චිය සහ වව්නියාව යන ස්ථානවලදී අධීක්‍ෂණය කර දත්ත එකත කරන බවත් ඒ අනුව මෙම පොදු කාලසටහන දියුණු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සෙන් එන ළගම බස් එකේ මගීන් ටිකත් අහුලාගෙන යන්න කොට කොට යන එකත් මොනවා හරි කරන්න වෙනවා. නැතිනම් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ...
චන්දිම ටිකක් හිතල බලන්න. නිශ්චිත වෙලාවට පිටත්වීම / ළඟාවීම තහවුරු කෙරේ. GPS තාක්ෂණය මගින් අධීක්ෂණය කෙරේ. අමතරව පරීක්ෂකයින් භෞතිකව නියාමනය කෙරේ. එකවරට සිදු නොවුනත් වැඩිකල් නොගොස් නිසි මගට වැටේවි. සෙවිල්ලෙන් ඉමු.
දන්නෙ නැති නිසා අහන්නේ. මේකෙන් මගී ජනතාවට වෙන යහපත මොකක්ද? මම දන්නා විදිහට මගියො ලංගම බස් රථ වල යන්න කැමතියි, පුද්ගලික ඒවාට වඩා. ආසන්න වෙලාවක ලංගම බස් එකක් එනවා නම් සමහර මගියො පුද්ගලික බස් එකේ නඟින්නෙ නැතුව ලංගම එන කම් ඉඳලා නඟිනවා.මේ ක්‍රමයෙන් මඟියා කොහොමද තමන් ලංගමේ යන්න කැමති නම් තෝරාගන්නේ?
මේවා අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්. රටක් දියුණු වෙන්න නම් හැමදේම සිස්ටමැටික් වෙන්න ඕනේ...
Chandima හැමතිස්සෙම මේ වගේ අශුභවාදී නොවී වැඩක් වෙන විධියට හිතල බලමු. නැත්නම් ඉතිං අපිට වෙන්නෙ හැමදාම ආණ්ඩු මාරු කර කර ඉන්න තමයි.