IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ලංගම - පෞද්ගලික බස් පොදු කාලසටහනකට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ව්‍යාපෘතිය පුත්තලම් ප්‍රවේශයෙන් අද (25) මධ්‍යම රාත්‍රීය සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (25) පැවසීය.  

කොළඹට ප්‍රවේශවන ප්‍රධාන මාර්ගයක් වන පුත්තලම් ප්‍රවේශය හරහා එනම් යාපනය සිට කොළඹ දක්වා, මන්නාර සිට කොළඹ දක්වා සහ තලේමන්නාරම සිට කොළඹ දක්වා ලෙස පොදු කාලසටහනකට අනුව බස් රථ ධාවනය කරන බවත් නිෂ්චිත වෙලාවට බස් රථය ධාවනය ආරම්භ කර නියමිත වෙලාවට ගමනාන්තය දක්වා ළගාවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

පුත්තලම් ප්‍රවේශය හරහා යන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථ ජීපීඑස් තාක්‍ෂණය ඔස්සේ අධීක්‍ෂණය කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අදාල බස් රථ නිශ්චිත ස්ථානවලට ළගාවිය යුතු කාලයන් ද නිලධාරීන් යොදවා අධික්‍ෂණය කරන බව ද සඳහන් කළේය.

ලබන වසරේ (2026) දෙසැම්බර් 31 වන විට මෙරට බහුතරයක් ප්‍රවේශයන්ගේ පොදු ප්‍රවාහන බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් මගී ඉල්ලුම පරිදි ඉදිරියේදී පොදු කාලසටහන වෙනස් කරන බවත් ඒ මහතා කීය.

මෙම අදියරේදී කටුනායක, තෝප්පුව, මාදම්පේ, පලාවිය, පුත්තලම, සාලිය වැව, අනුරාධපුර නව බස් නැවතුම් පොළ, මැදවච්චිය සහ වව්නියාව යන ස්ථානවලදී අධීක්‍ෂණය කර දත්ත එකත කරන බවත් ඒ අනුව මෙම පොදු කාලසටහන දියුණු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (7)

ලංගම - පෞද්ගලික බස් පොදු කාලසටහනකට

chandima Monday, 25 August 2025 05:31 PM

පස්සෙන් එන ළගම බස් එකේ මගීන් ටිකත් අහුලාගෙන යන්න කොට කොට යන එකත් මොනවා හරි කරන්න වෙනවා. නැතිනම් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ...

:       3       20

Tharindu Monday, 25 August 2025 11:28 PM

චන්දිම එකට තමයි කට්ටිය ට ළඟා වෙන්න ඕනේ නැවතුම් පොළවල් වලට වෙලාවක් ලබාදීලා තියෙන්නේ

:       0       0

අරවින්ද මොණරවිල Tuesday, 26 August 2025 09:47 AM

ඒවා නවත්වන්න තමයි ඒකාබද්ධ කාල සටහනක් ක්‍රියාත්මක කරන්නේ ලංගම බස් එක පිටි පස්සෙන් වත් ඉස්සරහින් වත් ප්‍රයිවෙට් බස් එකට කොටන්න බැහැ. ඒවා ජී.පී.එස් තාක්ෂණය මගින් අධීක්ෂණය කෙරෙනවා, නියමිත වෙලාවට ගමන ආරම්භ කරන්න හා අවසන් කරන්න ඕනා.

:       0       0

Perakum Liyanagama Monday, 25 August 2025 10:05 PM

චන්දිම ටිකක් හිතල බලන්න. නිශ්චිත වෙලාවට පිටත්වීම / ළඟාවීම තහවුරු කෙරේ. GPS තාක්ෂණය මගින් අධීක්ෂණය කෙරේ. අමතරව පරීක්ෂකයින් භෞතිකව නියාමනය කෙරේ. එකවරට සිදු නොවුනත් වැඩිකල් නොගොස් නිසි මගට වැටේවි. සෙවිල්ලෙන් ඉමු.

:       0       0

himal Tuesday, 26 August 2025 09:01 AM

දන්නෙ නැති නිසා අහන්නේ. මේකෙන් මගී ජනතාවට වෙන යහපත මොකක්ද? මම දන්නා විදිහට මගියො ලංගම බස් රථ වල යන්න කැමතියි, පුද්ගලික ඒවාට වඩා. ආසන්න වෙලාවක ලංගම බස් එකක් එනවා නම් සමහර මගියො පුද්ගලික බස් එකේ නඟින්නෙ නැතුව ලංගම එන කම් ඉඳලා නඟිනවා.මේ ක්‍රමයෙන් මඟියා කොහොමද තමන් ලංගමේ යන්න කැමති නම් ‍තෝරාගන්නේ?

:       0       0

Nadee Tuesday, 26 August 2025 09:17 AM

මේවා අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්. රටක් දියුණු වෙන්න නම් හැමදේම සිස්ටමැටික් වෙන්න ඕනේ...

:       0       0

Perakum Liyanagama Tuesday, 26 August 2025 10:57 AM

Chandima හැමතිස්සෙම මේ වගේ අශුභවාදී නොවී වැඩක් වෙන විධියට හිතල බලමු. නැත්නම් ඉතිං අපිට වෙන්නෙ හැමදාම ආණ්ඩු මාරු කර කර ඉන්න තමයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14410 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 416 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 252 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site