
(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.
ඒ අනුව නව මිලට එම භාණ්ඩ දිවයින පුරා සියලුම ලංකා සතොස අළෙවිසැල්වලින් අද (22) සිට මිලදී ගතහැකි බව ද සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
රුපියල් 1,095 ක්ව පැවැති රට කජු කිලෝවක් රුපියල් 100 කින් පහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 995 ක් ද, රුපියල් 340 ක්ව පැවැති දුඹුරු සිනි කිලෝවක් රුපියල් 40 කින් පහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 300 ක් ද, රුපියල් 210 ක්ව පැවැති ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 30 කින් පහත දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 180 ක් ද, බවට පත්වූ බව ද සතොස පවසයි.
රුපියල් 795 ක්ව පැවැති රතු කව්පි කිලෝවක් රුපියල් 30 කින් පහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 765 න් ද, රුපියල් 960 ක්ව පැවැති හාල් මැස්සො කිලෝවක් රුපියල් 20 කින් පහළ දැමීමත් සමඟ නව මිල රුපියල් 940 ක් ද, රුපියල් 845 ක්ව පැවැති වියලි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් පහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 830 ක් ද, බවට පත්වූ බවත් රුපියල් 655 ක්ව පැවැති බාස්මතී සහල් කිලෝවක් රුපියල් 10 කින් පහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 645 ක් ද, බවට පත්විය.
රුපියල් 240 ක්ව පැවැති ආනයනික ලොකු ලුණු කිලෝවක් රුපියල් 10 කින් පහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 230 ක් ද, රුපියල් 290 ක්ව පැවැති පරිප්පු කිලෝවක් රුපියල් 2 කින් පහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 288 ක් ද, රුපියල් 242 ක්ව පැවැති සුදු සීනි කිලෝවක් රුපියල් 2 කින් පහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 240 ක් ද, බවට පත්වූ බව ද සතොස වැඩි දුරටත් සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලංකා සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි
Nishan Thursday, 23 January 2025 03:27 AM
අපි ගන්න ගියාම නෑ කියනවා.
Lalla l Thursday, 23 January 2025 11:41 AM
ඔය ද්‍රව්‍ය ලැයිස්තුවේ බොහෝ දේ පෞද්ගලික වෙළඳපොලේ ඊට අඩුයි.
Laki Thursday, 23 January 2025 02:49 PM
මේ අර්තාපල් ලොකු ලුණූ තනිකර කුණූ වෙච්ච ඒවා අතට ගන්න කොට එබෙනවා. කලු වෙච්ච පුස් කාපු අල තියෙන්නේ. රතු පරිප්පුත් ආපහු ගෙදර ගෙනිහින් වෙනම ජරා කලු ඇට තෝරලා අයින් කරන්න වෙනවා. පලකට නැහැ.
LGP. JATHUNARACHCHI. Friday, 24 January 2025 07:22 AM
ප්‍රමාණවත් භාණ්ඩ නොමැතිව මිල අඩු කිරීම