IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකා- විදෙස් විශ්ව විද්‍යාල අතර ගිවිසුම් දහයක්

(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවයන් වර්ධනය කිරීමේ අරමුණින්  මෙරට විශ්ව විද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධනා ගිවිසුම් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා මහජන චීන සමුහාණ්ඩුවේ වුහාන් ක්‍රීඩා විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා ජපානයේ අයිසු විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා නෝර්වේ ඇග්නර් විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ ඩිකින් විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* මොරටුව විශ්ව විද්‍යාලය හා චීනයේ ලියී විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

*පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා ඉන්දියාවේ මහත්මා ගාන්ධි වෛද්‍ය විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

*ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය හා චීනයේ ෂැන්ඩොන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

*කැලණිය විශ්ව විද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝට්ලන්ඩ් හි නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

*  ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බන් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම.

*  කැලණිය විශ්ව විද්‍යාලය සහ කොරියානු ජන රජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.



අදහස් (2)

ලංකා- විදෙස් විශ්ව විද්‍යාල අතර ගිවිසුම් දහයක්

සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:28 PM

මොකද මේ පිටිපස්සේ පේලියේ ඉන්නේ ගැහැණු ළමයි දෙන්නා... අපේ අගමැතිතුමිය දැකලා, භය වෙලා වගේ ඉන්නේ? බය වෙන්න එපා, එන්න අපේ පියාපත් සෙවනට ! ඔබ සුරක්ෂිතයි !

:       0       1

කැලුම් Wednesday, 29 January 2025 06:39 AM

ඕවාට මුල් පියවර තිබ්බෙ රනිල්. මෙයාල කරගෙන යනව. ඒකේ කිසිම වරදක් නෑ. එහෙම තම වෙන්න ඕනි. නමුත් ඔක රනිල්ගෙ කාලෙම අත්සන් කලානම් ජෙප්පොයි අන්තරෙ සෙට් එකඉ මෙලහකට පොළොවෙ පස් කනව නිදහස් අධ්‍යාපනය විනාස කරනව කියල.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site