
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික නියාමනය සහ මිනුම් විද්‍යාව පිළිබඳ ෆෙඩරල් නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනුම් විද්‍යාව සහ උපකරණ ක්‍රමාංකන ක්ෂේත්‍රයට අදාළව ඉතා දියුණු මට්ටමක පවතින ආයතනයක් වන රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික නියාමනය සහ මිනුම් විද්‍යාව පිළිබඳ ෆෙඩරල් නියෝජිත ආයතනය සතුව ජාතික ප්‍රමිතීන් 39,000 කට වැඩි සංඛ්‍යාවක් පවතී.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතුව පවතිනුයේ ජාතික ප්‍රමිතීන් 4,500 ක් පමණ සංඛ්‍යාවකි. ඒ අනුව, දැනට රුසියාවේ භාවිත කරනු ලබන ප්‍රමිතීන් ශ්‍රී ලංකාවේ ඉදිරියේදී සකස් කරනු ලබන ප්‍රමිතීන් සඳහා යොදා ගැනීම, දෙරට අතර ප්‍රමිතීන් සමගාමී කිරීම මඟින් වෙළෙඳ පහසුකම් සැපයීමේදී රුසියානු සමුහාණ්ඩුව සමඟ ඇති තාක්ෂණික බාධක ඉවත් කිරීම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට මිනුම් විද්‍යාත්මක හා ක්‍රමාංකන ක්ෂේත්‍ර වල උසස් තාක්ෂණික සහයෝගිතාව ලබා ගැනීම, ජාත්‍යන්තර නීතිය, මාර්ගෝපදේශ හා ප්‍රමිතීන්ට අනුකූල වූ ප්‍රමිතිකරණය පිළිබඳව සහයෝගිතාව වර්ධනය කිරීම ආදී අරමුණු සහිතව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික නියාමනය සහ මිනුම් විද්‍යාව පිළිබඳ ෆෙඩරල් නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකා ප්‍රමිති ආයතනය රුසියාව එක්ක හාද වෙයි
ගුණරත්න Wednesday, 08 October 2025 09:20 PM
යසයි, තේ වල ඉන්න කුරුමිණියෝ කාර්යක්ෂමව හොයාගන්න පුළුවන් වෙයි...