
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැර යෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි අය බවයි.
ඉහත කාල සීමාවේදී වෛද්‍යවරුන් හත් දෙනෙකු ඉල්ලා අස්වී ඇතැයිද ඔහු කීවේය. ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පනස් හත් දෙනකු මුදා හැර ඇති බව පැවසු අමාත්‍යවරයා වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇතැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙළ සමතුන්ට විදේශ විශ්ව විද්‍යාල වලට ශිෂ්‍යත්ව දෙන බවට මෑතකදී සඳහන් කර තිබුණා. මේ අය බොහෝ දෙනෙක් නැවත ලංකාවේ "සේවයට" පැමිණේ යයි සිතිය නොහැකිය.