
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් මහතා විසින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කොට තිබේ.
උතුරු මැද පළාතේ වාහන කිහිපයක් ටෙන්ඩර් කොට අලෙවි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපවාහිනි නාලිකවකට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරිමේ චෝදනාවට වැඩ තහනම් කරන බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලංකා ගුරැ සංගමයේ සභාපතිවරයාට යවන ලද අංක එන්සිපි/සිඑම්/ඊඩියු/09/අනු/2025 හා 2025.06.06 දිනැති ලිපියේ සදහන්වේ.
එම ලිපියේ වැඩි දුරටත් මේසේද සදහන්ය. “ඔබ අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදි වෘත්තිය සමිති කටයුතු සදහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කර තිබියදි ඉන් පරිබාහිරව “අපි පුරවැසියෝ” සංවිධානයේ කැදවුම්කරැ ලෙස හදුන්වා දෙමින් මැයි මස 30 වැනි දින රැපවාහිනි නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්, ගුරුවරුන් වෙනුවෙන් සේවය කරන්න සේවයෙන් නිදහස් කරන්නෙ. නමුත් සේවය කසිකබල් නාලිකා වලට බොරු විදින්න පසුබිම හදන එක. කොහොමත් උගන්වන්නෙ නැති නිසා ළමුන්ට අවැඩක් වෙන්නෙ නැහැ
ස්ටාලියටත් ඔය හැන්දෙන්ම බෙදන්න ලොක්කා....
නිදහස් පුරවැසියෙක් ලෙස තමන් කැමති සංවිධානයට බැදෙන්නට වගේම අදහස් ප්‍රකාශ කරන්නත් අයිතිය තියෙනවා.ඒක වලක්වන්න පලාත් අධ්‍යාපන ලේකම්ට අයිතියක් නැති බවයි මගේ අදහස. ඒ නිසා කිව්වේ අසත්‍ය තොරතුරු උවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අධ්‍යාපන ලේකම්ට අයිතියක් නැහැ. කොහොම උනත් මේකට ආණ්ඩුව සම්බන්ධ නැති නිසා අධිකරණයට යන්න වෙනවා සාධාරණ පතා ගෙන.
අරවින්ද අඩුම යුරෝපයේ, චීනයේ, සිංගප්පූරුවේ ගිහින් තියෙනවා ද? එහෙත් මෙහේ වගේ යුනියන් කාරයෝ උද්ගෝෂණය කරනවාද ළමයි බිල්ලට තියලා?