
(යොහාන් භාසුර)
උපයෝගිතා ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කරමින් අමාත්‍යවරු දෙපළක් ලෝක උපයෝගිතා කොංග්‍රසයට (2025) සහභාගි වෙති.
එක්සත් අරාබි එමිරේට්ස්හි අබුඩාබිහිදී පැවති 2025 ලෝක උපයෝගිතා කොංග්‍රසයට (World Utilities Congress) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරු සහභාගී වූහ.
"උපායමාර්ගික දේශසීමා හරහා වන ජල සහයෝගීතාව මගින් බලශක්ති සුරක්ෂිතතාව බලගැන්වීම" යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත්‍රණ සැසියට ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී වූ අතර එහිදී ජල හිඟය පිළිබඳ ගැටලුව විසඳීමට සහ ජලය වෙත සාධාරණ ප්‍රවේශයක් සහතික කරලීමේ ගෝලීය උපාය මාර්ග පිළිබඳව සාකච්ඡාවෙහි නිරත විය.
එසේම, “උපයෝගිතාවන්හි අනාගතය හැඩගැස්වීම; නැගී එන ආර්ථිකයන්හි බලශක්තිය කෙරෙහි ප්‍රවේශය සහ වර්ධනය තුලනය කිරීම” මැයෙන් පැවති සම්මන්ත්‍රණ සැසියට සහභාගි වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමණය ඉස්මතු කරමින්, ඒ සඳහා විනිවිදභාවය, නවෝත්පාදනය සහ මහජන දායකත්වය යන සාධකයන්වැදගත් වන ආකාරය පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක උපයෝගිතා කොංග්‍රසයට අනිල් - කුමාර ඇමතිවරු සහභාගි වෙති
ගුණරත්න Thursday, 29 May 2025 12:25 PM
රටේ ප්‍රශ්න විසඳලා අහවරයි, ඉතින් රට සවාරි...!