IMG-LOGO

ලංකා ආර්ථිකය ස්ථාවර තැනකට ඇවිත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ වන විට ලංකා ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "ආර්ථිකය ගොඩ නගන්න අවශ්‍ය කරන තල්ලුව ගැනීම සඳහා වාහන ආනයනයෙන් ලැබෙන ආදායම යොදා ගන්නවා.

මේ ගත් තීරණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව සියලු දර්ශක වලින් අපට තේරුම් යනවා. වාහන ආනයනය නිසා සංචිත ද ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට රටේ ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙනවා. මෙය ආරම්භය පමණයි. ආර්ථික වර්ධන වේගය ඉදිරියට වැඩි අගයක පවත්වාගෙන යාමට අප අදහස් කරනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 



අදහස් (5)

ලංකා ආර්ථිකය ස්ථාවර තැනකට ඇවිත්

රම්බොඩ Tuesday, 20 May 2025 03:54 PM

අප්පට සිරි කිව්වාලු. මාස 7න් රට ගොඩදාලා නේද? උගණ්ඩාවේ සල්ලයි ඉතාලියේ සල්ලිය ගෙනැල්ලා වෙන්න ඇති...

:       16       15

fairoos Tuesday, 20 May 2025 07:16 PM

නාස්තිය සහ වංචාව දැන් පොඩ්ඩ පොඩ්ඩ නැතිවෙලා... NPP ආණ්ඩුවට ජයවේවා...

:       5       4

ගුණරත්න Tuesday, 20 May 2025 08:35 PM

ඇමතිතුමා ලක්ෂ ගාණක් වියදම් කරලා රංචුවක් එක්ක ඇමරිකාවේ ගියානේ? ඒ ගමනේ ඒකාබද්ධ ප්‍රකාශය දානවා කිව්වට අපි තාම එක දැක්කේ නැහැ,

:       3       5

Nilantha Chaminda Wednesday, 21 May 2025 07:36 AM

නියෝජ්‍ය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඉතා සාමාන්‍යයි, සංඛ්‍යා, සාක්ෂි නැත, වාහන ආනයනය කිරීමෙන් ආදායම වැඩි වන්නේ කෙසේද යන්න සහ මිල ගණන් දැරිය නොහැකි නම්, අනෙක් සියල්ල ඇතුළුව ආහාර, එළවළු ආදිය.

:       0       1

රුවන් Wednesday, 21 May 2025 11:22 AM

රම්බොඩ දන්නවා වගේ, ඉතාලියෙත් සල්ලි තියෙනවා ලු. මමත් ඇහුව්වේ අද. ඒ කියන්නේ රම්බොඩ දන්නවා මහින්ද රාජපක්ෂගේ සල්ලි තියෙන තැන්. අල්ලනවා නම් අල්ලන්න ඕනේ රම්බොඩ මිස නාමල් රාජපක්ෂ නෙමෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 791 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site