IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


ලක්ෂ 30ක් වංචා කළැයි හිටපු ඇමැති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ්

(උපාලි රණවීර)

විදේශ රැකියා ලබාදෙන බව පවසා යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශණ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරකරන ලද හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් හා ඔහුගේ සොහොයුරුක වන බව කියන අයකු ගම්පහ වැඩ බලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ෙ ජනවාරි මස 6 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට යක්කල ප්‍රදේශයේ පුද්ගලික විසින් කරන ලද පැමිණිල්ලක් මත මූලික විමර්ශනවලින් අනතුරුව ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන කියන තිසර නානායක්කාර නමැති අයෙකු බිබිල ප්‍රදේශයේ සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමන් භාරයට පත් කෙරිණ

සැකකාර පුද්ගලයා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ හතලිහක මුදලක් නෙදර්ලන්තයේ රැකියාවක් ලබා දෙන බව පවසා ඉල්ලා ඇති අතර එම මුදලින් රුපියල් තිස් ලක්ෂයක් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 15 බැගින් එම සැකකරුගේ පෞද්ගලික බැංකුව ගිණුමකට තැන්පත් කොට ඇති බවත් මෙහිදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසා සිටියහ.

තවද 2019වසරේ සිට2024 සැකකරුගේ ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට පුද්ගලයන් විසි අට දෙනෙකු විසින් රුපියල් කෝටි විසි හතකට ආසන්න මුදලක් තැන්පත් කොට ඇති බවත් සැකකරු අවස්ථා කීපයකදී එම මුදල් ආපසු ලබාගෙන ඇති බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසා සිටියහ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිට එම නිලධාරීහු සැකකාර පුද්ගලයා හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර පසුව එම තනතුරින් ඉවත් විදේශ රැකියා ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යමින් එම හැඳුනුම්පත ද භාවිත කොට ඇති බව මෙහිදී කරුණු අනාවරණය කළේය

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (11)

ලක්ෂ 30ක් වංචා කළැයි හිටපු ඇමැති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ්

sam Sunday, 29 December 2024 09:27 PM

2013 සිට 2023 දක්වා සිටි "සියලු මැති ඇමැතිවරුන් නියොජ්‍ය ඇමැතිවරුන්" ඇතුළුව සහ නිලධාරීන්ට මුදල් අල්ලස් වශයෙන් ලබාගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල විය. මැදපෙරදිග යන්නා වූ කාන්තාවන් ඔවුන්ට ලැබීමට තිබෙන්නා වූ රැකියාවන් සහ වෙනත් කරණා කියමින් ගම් දන්වුවල අහිංසක කාන්තාවන් රස්තියාදු කරමින් ඔවුන්ව බියකර ලිංගික අල්ලස් ගත් නිලධාරීන් සහ Ticket agents ලා සිටිනා බව කියැවේ. එසේ සිටින්නේ නම් මේ පිළිබඳව සමාජ මාධ්‍ය මගින් එම කාන්තාවන්ට අවස්ථාවක් ලබාදුනහොත් ඔවුන් facemask දමා හෝ දුෂිතයින් පිළිබඳව මාධ්‍යයට හෙළි කරනු ඇති...

:       0       24

Bandara Monday, 30 December 2024 12:43 AM

දැන් සැපද? මනූෂ ඇමැතිලා කරලා තියෙන වැඩ...

:       2       29

kasun Monday, 30 December 2024 12:57 AM

හොඳ වැඩක්...

:       1       21

Nimal 1 Monday, 30 December 2024 05:26 AM

ඇත්තෙන්ම වංචා කළ මුදල මේ වගේ විසි තිස් ගුණයක්. තම සොහොයුරාගේ පට්ටම්වලින් මහඟු ඵල නෙලාගෙන තිබෙනවා. දෙන්නම පට්ට හොරු.

:       1       23

sam Monday, 30 December 2024 05:29 AM

මේවට අමනුෂ්‍යයිනුත් සම්බන්ධයි.

:       2       27

පිටිගල මිලානෝ Monday, 30 December 2024 05:39 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු... කපුටු කාක් කාක් කාක්..

:       3       22

රුවන් Monday, 30 December 2024 06:56 AM

රටේ යුෂ කොච්චර බිලා ද මේ හොර දේශපාලුවන්, ඒ අයගේ ඥාතින් ?

:       2       51

Nimal Monday, 30 December 2024 10:26 AM

අවුරුදු 75 ක් ඔහොම කරපු උන් තමයි කෑගහන්නේ දැන් ආණ්ඩුවට... මොකුත් තාම වැඩක් කරේ නෑ කියලා

:       4       27

නතලි-කැලිෆෝනියා Monday, 30 December 2024 12:08 PM

එක්නැලිගොඩ ඝාතනය කළ බවට ඇහින් දුටු සාක්ෂියක් දැන් තිබෙනවා. ගෝඨාටත් බඩු හරි. රාජපක්ෂලා සෙට් එකම කල්දේරම් බත් පෝලිමට සෙට් වෙන්නයි යන්නේ.

:       5       30

සෙනෙවිරත්න Monday, 30 December 2024 12:17 PM

මේවා අදාළ නැහැ, ඒ අයගේ හැටි ඔහොම තමයි. ඒ වැදගත් අය ඒක අදාළ නැහැ අපට හාල් පොල්ම දියල්ල, ඒවායේ අස්වැන්න කවදා එන එක අදාල නැහැ, කිිරිබත් කන්න රතුහාල්ම දියල්ල, අපි ඔර්ජිනල් වහල්ලු

:       7       19

ජයනාත් Monday, 30 December 2024 04:20 PM

වැඩේ හරි වගේ. ඉතිරි ඒවාත් වැලට එයි... මේකට අයියත් සම්බන්ධයි නේද..?

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විපක්‍ෂය මැතිවරණයට බියේ කල්දාන්නැයි ඉල්ලීම් කරනවා
2025 පෙබරවාරි මස 16 15 0

විපක්ෂය මැතිවරණය කල්දාන්න මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමට හේතුව ජනතාව අතරට යෑමට ඇති බිය බවත් වර්තමාන ආණ්ඩුව පෙරළීම විපක්ෂය දකින හීනයක් බවත් අග්‍රාමාත්‍ය


පෞද්ගලික සරසවි අධීක්ෂණ කිරීමේ සූදානමක්
2025 පෙබරවාරි මස 16 29 0

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන


නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි
2025 පෙබරවාරි මස 16 285 0

කොළඹ වරාය රන්වල නාවික හමුදා අවි ගබඩාවෙන් සොරාගත් ටි 56 ගිනි අවියක් සමඟ නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය කියයි.


මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධනයට මිලියන 261ක් වැයකරලා
2025 පෙබරවාරි මස 16 275 2

මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට එකි ව්‍යා


අඟුපිළක නිධන් හෑරූ 4ක් පොලීසියට මාට්ටු
2025 පෙබරවාරි මස 16 105 0

බදුල්ල වේවැල්හින්න බලගොල්ල ප්‍රදේශයේ නිවසක අගුපිළක නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .


මුදල් අයකැමිවරියට අතවර කළැයි පීසී ගෙදර
2025 පෙබරවාරි මස 16 700 2

කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ ඇතුළුවීමේ මුදල් අයකැමි කුටියේ රාජකාරී කරමින් සිටි මුදල් අයකැමිවරියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්ව


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 256 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 137 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 963 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site