
(සුජිත් හේවාජුලිගේ)
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
මෙරට රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම සේවාවක් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් කරනු ලබන සේවාවන් පිළිබඳ අධ්‍යයනයක නිරත වූ මෙම නිලධාරීහු රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටද අද (23) පැමිණියහ.
මෙහිදී අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා පරිපාලන අමාත්‍යංශය ඵලදායී රාජ්‍ය සේවාවක් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති පුහුණු හා වැඩසටහන් සම්බන්ධයෙන් නේපාල නිලධාරීන් දැනුවත් කළේය
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයන්න දෙයක් නෑ....
කොලිටිය කියන වචනෙ තේරුම දන්න කී දෙනෙක් රාජ්‍ය සේවයේ ඉන්නවාද?
බැලුවට කමක් නෑ. ඔයාලගේ රටවල නම් මේ වගේ රාජ්‍ය සේවයක් කරන්න එපා.
කවුද මේ අයට එන්න දුන්නේ.., නේපාලයේ අයගේ කොලිටිය ඉස්සෙල්ලා බලන්න.
සුදුසුකම්, හැකියාවන් හා දක්ෂතා තියෙන අය නොසලකා දේශපාලනයට ගැතිකම් කරන මැතිවරණ අවස්ථාවල ඡන්ද පෝස්ටර් ඇලවීමේ හා කැන්වසින් යාමට හැකියාව මත රැකියාදීමෙන් රාජ්‍ය සේවය අකාර්‍යක්ෂමව පවතින බව එම පිරිසට කියලා දෙන්න විශේෂයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා සුදුසුකම් නැති ලක්ෂයකට රැකියා දීමෙන් සිදුවූ හා ඇතිව තිබෙන තත්වය ආයතන වෙතට කැඳවා ගොස් පෙන්වාදීම කරන්න...
ඕක තමයි අපිත් ලංකාවට නිදහස ලැබුණු දවසේ හිටන් හොයන්නේ...