
(නිමල කොඩිතුවක්කු)
ලංකාවට අයිති කක්ෂ ස්ථානවල ‘‘සුපිරිම් සැට් වන්‘‘ නමින් හෝ ‘‘චයිනා සැටි 12‘‘ නමින් කිසිදු යානාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී නැතැයි ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමයේ තොරතුරු අනුව වාර්තා වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
‘‘සුප්‍රිම් සැට් වන්‘‘ යානය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේදී යම් දෝෂයක් සිදුව ඇති බවත් ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමයෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්ව මේ පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරියේදි හෙළි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අර ගෙවපු සල්ලි ආපහු ගෙවන්න බැරිය
ඕකට “චිචියා අප්සැට්” කියල දැම්මනං හරි.
අයියෝ හෝදන්න දඟලන දැඟලිල්ලක්. හැබැයි වැඩක් නෑ. ඉස්සර වගේ නෙමෙයි ජනතාවට ඇත්ත තොරතුරු දැනගන්න දැන් ඕන තරම් මූලාශ්‍ර තියෙනවා. මෝඩ මනුස්සයෝ මේ 2025.
එතකොට අග්‍රාමාත්‍යගේ කතාව?
පුදුමේ කියන්නේ, රජය රුපියලක් වත් ආයෝජනය නොකර, රුපියල් මිලියන ගණනක් ආදායමක් ලබාගෙන තියන එකනේ... යම්කිසි විදිහකින් රජයට බදු වශයෙන් මෙතරම් මුදලක් ගෙවා ඇත්නම්, ඒ සුප්‍රීම් සැට් ආයතනය මේ චන්ද්‍රිකාවෙන් කොතරම් ආදායමක් උපයාගෙන ඇත්ද..? අනික, මේ ආයතනයේ හිමිකරුවන් මෙතරම් මුදලක් ආයෝජනය කර ඇත්තේ, ලංකා රජයට මෙතරම් ප්‍රතිලාභයක් ලබාදෙමේ අරමුනින්ද..? ලංකාවට මෙතරම් ප්‍රතිලාභ රැගෙන එන ව්‍යාපෘති නොමිලේම ලැබෙනවා නම්, අපි මොකටද විදේශ ණය අරගෙන ව්‍යාපෘති වලට ආයෝජනය කරන්නේ..? මේවා හොඳයි, ලංකාවේ දේශපාලකයින් මොළ හෝදා ඇති අඩු අධ්‍යාපනයක් සහිත, මේ සිරි ලංකාවේ පල් මෝඩයින්ට චුං වෙන්න.. මේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් වත්මන් රජය නිසි විමර්ශනයක් සිදුකොට මහජනතාවට සත්‍යය හෙලිකල යුතුයි..
නෝ සැට්, අප් සැට්,
‘චයින සැට්’ කියල නැත්නං ‘මයින සැට්’ කියල වත් සර්ච් කරල බලන්න.
ඇයි හත්වලාමේ අපේ චි චි යවපු එකට මොකද උනේ? මේ… මේ… බොරු කියන්න නම් ලෑස්ති වෙන්න එපා. ඕකේ ඔයා කොහෙ හරි මුල්ලක ඇති . හොඳට හොයලා බලන්න. ඒ කොල්ල සල්ලි වියදම් කරලා ඕක ඇරියේ . නැතිවෙන්න හේතුවක් නෑනේ.
එහෙනම් අර ලංකාවට අයිති අභ්‍යාවකාශය ටෙන්ඩර් නැතුව දීලා කියලා බොරු කිව්ව ඇමතිට විරුද්දව නඩුවක් දාන්න.
මේ ඇමතිලා එක එක දවසට එක එක දේ කියනවා. තමන් ගේ විෂය පථයට අදාල ඇතිදේත් නැතිදේත් ඔහේ කියවනවා. එකාට එකා දන්නේ නෑ තමුන් මොනවද කියන්නේ කියලා. අගමැතිගේ වැඩේ කරන්න වෙලඳ ඇමති හදනවා - වෙලඳ ඇමති අගමැති හීන දකිනවා වගේ. පුදුම විදිහට ආන් ඩුව ගෙනියන්නේ. ජනාධිපතිතුමා මාස දෙක තුනකට කලින් කිව්වා පුහුනු වෙන ගමන් රට කරනවා කියලා. දැන් බැලුවම කතාව ඇත්ත. L බෝඩ් කාරයො ටික පාර පුරා යනවා. කොයි වෙලේ පල්ලමට වැටෙයිද කියලා බයේ බෑ. මොකද අපිවත් අරන්නේ මේගොල්ලන් පල්ලමට යන්නේ.
අර එක මෝඩ විහිළුකරයෙක් කියලා තිබුණා,එක පළවත්වට වැටෙන කතාවක් . අන්න මිනිහාගෙන් අහලා බලන්න.