IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.

ඉන්දු- ලංකා ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම පරිපාලනය කැපවී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පිරිනමනු ලැබූ රාජ්‍ය භෝජන සංග්‍රහයේදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

ඔබේ රට තුළ දී මාගේ කණ්ඩායම සහ මා වෙනුවෙන් ඉතාමත් සුහදශිලීව සිදු කරනු ලැබූ ආගන්තුක සත්කාර පිළිබඳව ඔබතුමියට සහ ඉන්දීය රජයට මෙන්ම ජනතාවටද මගේ අවංක ස්තුතිය සහ ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට අවසරයි. අපගේ ඉන්දියානු මිතුරන් වෙත ශ්‍රී ලාංකේය ජනතාවගේ උණුසුම් සුබ පැතුම් ද මම මෙහිදී ගෙන එනු කැමැත්තෙමි. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැඳීම් රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ භූගෝලීය සමීපත්වය ඉක්මවා යනු ලබයි. අපගේ සම්බන්ධතාව ශිෂ්ටාචාරමය වශයෙන් බැඳී ඇති අතර එය අන්‍යෝන්‍ය ගෞරවය, සහයෝගීතාව සහ හවුල් ඉරණමක් ලෙස නිර්වචනය කොට තිබේ. ඉන්දියන් සාගරයේ වෙරළේ සිට උප මහද්වීපයේ ප්‍රධාන ස්ථානය දක්වා, අපගේ රටවල ශක්තිමත් සබඳතාවලට ආවේණික වූ සම්ප්‍රදායන්, සාරධර්ම සහ අනාගතය සඳහා වූ දැක්මකින් යුත් පොදු උරුමයකින් අපි බැඳී සිටිමු. එබැවින්, මගේ පළමු නිල රාජ්‍ය සංචාරය සඳහා ඉන්දියාවට පැමිණීම පුදුම විය යුත්තක් නොවේ.

මෙම ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මගේ පරිපාලනය කැපවී සිටී. මගේ රට ආර්ථික ප්‍රකෘතිය, වර්ධනය සහ ස්ථාවරත්වය කරා යන ගමනේ දී, ඉන්දියාව ඔවුන්ගේ නොමඳ සහයෝගය ලබා දෙමින් අපගේ විශ්වාසවන්ත මිතුරෙකු, ස්ථීර හවුල්කරුවෙකු සහ සමීපතම අසල්වැසියා බවට පත්ව සිටී. අවශ්‍ය අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සහ නොසැලෙන සහයෝගීතාව පිළීබඳව මම මෙහිදී බෙහෙවින් අගය කරමි.

ශ්‍රී ලංකාව නව යුගයක එළිපත්ත මත සිටගෙන සිටින බැවින්, එහි ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, මිනිසුන් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට රැගෙන යාම ඉතාමත් වැදගත්ය. අනාගතය තුළ අතිමහත් විභවතාවක් තිබේ. ඉන්දියන් සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා අප දෙරටේ කාර්යභාරය ඉතා වැදගත් වේ.

අපගේ හවුල්කාරිත්වයේ ශක්තිය පවතින්නේ සාමූහික ක්‍රියාකාරිත්වය තුළය. පාරිසරික ගැටලු  විසඳීමේදී, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී හෝ ගෝලීය වශයෙන් සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනයක් සහතික කිරීමේදී අපට දේශසීමා ඉක්මවා යන නව සහ විකාශනය වන අභියෝගවලට විසඳුම් ලබා දිය හැක්කේ සහයෝගී ප්‍රයත්නයන් හරහා පමණි. අනාගත පරපුරට අන්තර් සම්බන්ධිත සහ අන්තර් පරායත්ත ලෝකයක් තුළ දියුණු වීමට 21වන සියවසේ අවස්ථා උපයෝගී කර ගැනීම සඳහා ගෝලීය දකුණේ නායකයෙකු ලෙස ඉන්දියාව සමඟ ගැඹුරු සහයෝගීතාවක් ඇති කරගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී.

මෙම සන්ධ්‍යාව, සාමය සහ ප්‍රගතිය ලුහුබැඳීම සඳහා අපව සමීප කරවන, කාලය සමඟ නොනැසී පවතින, අපගේ ජාතීන් දෙක අතර සමෘද්ධිමත් වෙමින් පවතින බැඳීමෙහි දිගුකාලීන මිත්‍රත්වයේ සැමරුමක් වේවා! යැ’යි මම ප්‍රාර්ථනා කරමි.

ඉන්දියානු රජය සහ ජනතාව අප කෙරෙහි දක්වන නොසැලෙන සහයෝගය සහ මිත්‍රත්වය සඳහා මම මාගේ ඉමහත් කෘතඥතාව පුද කරමි. අපගේ සහයෝගිතාව තව තවත් ශක්තිමත් වනු ඇතැ’යි අපේක්ෂා කරන අතර අප එක්ව යන ගමන අපගේ ජාතීන්ට මෙන්ම මුළු කලාපයටම සමෘද්ධිය ගෙන එනු ඇතැ’යි මම විශ්වාස කරමි.



අදහස් (10)

ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ

pj Wednesday, 18 December 2024 03:45 AM

බලාගෙන... එළිපත්තෙන් බිමට වැටෙයි....

:       21       92

JayasekaraWednesday, 18 December 2024 03:52 PM

වැටෙනවා පුතානෝ සහ රනිල් නඩය ආවානම් .ජාතියේ වාසනාවට රෙදිත් ගැලවෙන්නම පැරදුනේ කට්ටියම

:       86       26

Siripala Thursday, 19 December 2024 03:32 AM

ඔවුන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට මෙන්ම දශක ගණනාවක් දැඩි ඉන්දීය විරෝධත්වයක් දැක්වූ 3% JVP පක්ෂය සත්‍යයට සහ යථාර්තයට මුහුණ දෙමින් සිටියි. මාලිමා හවුල් ආණ්ඩුව මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේදී ප්‍රකාශකළ සහ පොරොන්දු කිසිවක් ඔවුන්ගෙන් ඉටු නොවුවද පවති රජයේ සියලු කටයුතු අනුරගේ ආණ්ඩුව වර්තමානයේ ඉදිරියට ගෙන යමින් සිටියි. පුරවැසියන් වශයෙන් ඔවුන් තීන්දු කර තිබූ ඔවුන්ගේ මාවතේ නොව නිවැරැදි මාවත තෝරාගැනීම පිළිබඳව සතුටුවෙමු.. මේ දිනවල දේශපාලනයේ සිදුවන සිදුවීම් දෙස බැලීමේදී ඇමෙරිකානු තානාපතිනිය මාලිමා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකාවක්ද කියා අපට සිතේ. එදා JVP අනුර සහ අද මාලිමා අනුර අතර වෙනස කුමක්ද?

:       3       29

Nishan Wednesday, 18 December 2024 05:35 AM

මෙහේදී විරුද්ධ වුණ හැමදේටම එහේදී කැමති වෙලා වගේ. ඔහොම තමයි වැඩියෙන් උඩ පනින හැමෝගෙම තත්වේ. ඒකෙන් රටේ දියුණුවයි අඩාල වුණේ.

:       17       57

විදුර Wednesday, 18 December 2024 07:24 AM

අනුර සහෝදරයා, කරුණාකරලා හොඳ ප්‍රවාහන සේවයක් හදන්න. මේ සිස්ටම් එක අවුල්, බලන්න උදේට මිනිස්සු බස්වල මොනතරම් පීඩාවට පත් වෙනවාද කියලා..?

:       44       48

vipulaSaturday, 21 December 2024 05:37 PM

මෙවට ඩිස්ලයික් දාන්නේ වහල්ලු...!

:       39       4

FreemanHAT Wednesday, 18 December 2024 07:26 AM

ඒක නම් ඇත්ත... අපි හැමදාම හිටියෙත් ඉන්නෙත් නවයුගයක එළිපත්තේ තමයි. ඒ නව යුගය අපේ ගේ ඇතුළට ගන්න අනිත් රටවලට වැඳ වැටීගෙන කරන්න බෑ... ඒ තරම් ජනතාව ශක්තිමත්ව මේ බව තේරුම් ගන්න දවසක් ආවොත් පාලකයෝ කවුරු වුණත් රට දියුණු කරන්න පුළුවන්.

:       3       44

Toni Saturday, 21 December 2024 04:03 AM

මෙයා කියනවා නම් ඉතින් ඉරහඳ වගේ තමයි. අපිට මාර විශ්වාසයි. මොකද මෙයා බොරු කියන්නේ නැහැ. ඇත්ත විතරයි කියන්නේ. එළිපත්තේ කිව්වොත් ඉතින් එළිපත්තේ... කතා දෙකක් නැහැ.

:       2       47

Gagana Saturday, 21 December 2024 09:57 PM

විපුල, මොන වහල්ලුද? වහල්ලුත් වර්ග ගණනාවක් ඉන්නවා. 69 ලක්ෂයම තමයි 68 ලක්ෂය වුණේ. ඔවුන්ට කියන්නේ ජෙබයියෝ කියලා.

:       2       46

Saman Jayasi Monday, 23 December 2024 09:27 PM

ඔවු ඔවු... බුද්ධාගම නැති ලන්කාවක්... මුලු රටම රැවැට්ටුවා...

:       0       121

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි
2025 පෙබරවාරි මස 16 235 0

කොළඹ වරාය රන්වල නාවික හමුදා අවි ගබඩාවෙන් සොරාගත් ටි 56 ගිනි අවියක් සමඟ නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය කියයි.


මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධනයට මිලියන 261ක් වැයකරලා
2025 පෙබරවාරි මස 16 223 0

මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට එකි ව්‍යා


අඟුපිළක නිධන් හෑරූ 4ක් පොලීසියට මාට්ටු
2025 පෙබරවාරි මස 16 97 0

බදුල්ල වේවැල්හින්න බලගොල්ල ප්‍රදේශයේ නිවසක අගුපිළක නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .


මුදල් අයකැමිවරියට අතවර කළැයි පීසී ගෙදර
2025 පෙබරවාරි මස 16 627 2

කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ ඇතුළුවීමේ මුදල් අයකැමි කුටියේ රාජකාරී කරමින් සිටි මුදල් අයකැමිවරියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්ව


රොක් කඳු රක්ෂිතයේ ගින්නෙන් පසු ගල්පර්වත මාර්ගයට කඩා වැටීමේ අවදානමක්
2025 පෙබරවාරි මස 16 202 1

ඇල්ල රාවණාඇල්ල වන රක්ෂිතයේ ඇල්ල රොක් කදු රක්ෂිතය පුරා දින තුනක් තිස්සේ පැතිර ගිය ගින්න නිවී ඇති අතර ගින්නෙන් රාවණාඇල්ල වන රක්ෂිතයේ ඉහල කදු මුදුනේ පිහ


අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
2025 පෙබරවාරි මස 16 457 1

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 256 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 137 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 963 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site