
(සුජිත් හේවාජුලිගේ)
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට බාධා එල්ල වීම ඇතුළු මැද පෙරදිග යුද්ධය හා බැඳුණු විවිධ ගෝලීය කාරණා හේතුවෙන් ලංකාවේ ආහාර අර්බුදයක් නුදුරේම ඇතිවීමේ අවදානමක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකතනය කරති.
මේ තත්වය යටතේ රටේ සියලුම ආකාරයේ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සියයට පහළොවකින් පමණ ඉහළ යා හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
එසේම මෙම වටපිටාව යටතේ පහළ මධ්‍යම පන්තික ජනතාව තවදුරටත් පහළට වැටෙනු ඇති බවත් විවිධ පුද්ගලයන් මත යැපෙන( අතපාන) ජනගහනයද ඉහළ යා හැකි බවත් ප්‍රකාශ කරති.
විශේෂයෙන්ම දරුවන්ට සරසවි සහ පාසල් සිසුන්ට ආහාර හිඟය දැඩි පීඩාකාරී ලෙස බලපානු ඇතැයිද ආර්ථික විශ්ලේෂණ වාර්තා සඳහන් කරයි.
මෙවැනි තත්වයක් තිබියදී රජය විධිමත් වගා සංග්‍රාමයකට මෙතෙක් ජනතාවට ආරාධනා කර නොතිබීම බරපතළ ගැටලුවක් බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මල් පෝච්චිවල පවා ආහාර භෝග වගා කිරීමට ජනතාව මේ මොහොතේදී උනන්දු කළ යුතු බවයි. එහෙත් මේ දක්වාම එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැති බව ඔහු පැවසුවේය.
එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ පවතින තත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් ආහාර ආරක්ෂිත ක්‍රමවලට යොමුවී සිටියත් ලංකාව තවමත් එවැනි තැනකට පැමිණ නැති බවයි.
මැද පෙරදිග යුද්ධය දිගින් දිගටම ඇදී ගියහොත් මෙරට ලොකු ආහාර අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කිව්වෙ දැනට සති ගානකට කලින් යුද්දෙ පටන්ගන්න කොටමයි. අලුත් එකක් වගේ කියනවා...
ජනතාව කුපිත කරවා, රජය අපහසුතාවයකට පත්කිරීමට විරුද්ධ පක්ෂ ගෙන යන කුමන්ත්‍රණයක් මෙ ප්‍රකාශයත්... හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාවට ආනායනය කරන ආහාර ද්‍රව්‍ය මොනවාද කියා, රජයේ විරුද්ධවාදීන් නොකියන්නේ මොකද? අප දන්නා පරිදි ඉන්දියාව, පාකිස්ථානය සහ වෙනත් ආසියානු රටවල්වලින් තමයි ශ්‍රී ලංකාවට ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම කරන්නේ. ඒවා එන්නේ හොමූස් සමුද්‍ර සන්ධිය හරහාද කියා මේවා ප්‍රකාශ කරන ගොබ්බයින් සහ ඒ කතා අසා කුලප්පු වී, නැට්ටට ගිනි ඇවිලී රට පුරා දුවන හනුමන්තලාට හෝ කකුල් හතරේ, බත් ගිලින හරක් පට්ටිවලට නම් අබ සරණයි ....
ලංකාව කොහොමද ආහාර තියා ඉන්ධන සුරක්ෂිතතාවකට හරි යන්නේ. හැම එකාම හදන්නේ 2015ට කලින් ණය අරන් උජාරුවට හිටපු විදියට ජීවත් වෙන්න. මධ්‍යම පන්තිය හොයන්නේ 2019 ට කලින් තිබ්බ සැපම, රටේ වැඩිම ඩොලර් ප්‍රමාණයක් වියදම් වෙන්නේ මධ්‍යම පන්තියේ චූන් එක MENTAIN කරන්න . පෙනෙන්නේ නැතිද ,දොස්තරල, ඉගෙන ගත්තු මිනිස්සු, ලෝකයේ තියෙන වත්මන් අර්බුදය තේරෙන මිනිස්සු. පණ යනකල් වැඩ කරලා, බදු ගෙවලා, නිදහස් අධ්‍යාපනයට ඕනේ වියදම් ටික හොයලා දීපු මිනිස්සු පයිසෙකට ගණන්ගන්නේ නැතිව ඉන්න හැටි. විපක්ෂේත් දෙවැනි නැහැ, GMOA එකේ ලේඛම් සජබේ ලොක්කෙක්... කොහොම හරි බලය ගන්න ඕනේ...
හැමදාම පුරෝ කතන, ඒ හැම දෙයකම බලාපොරොත්තුව ආන්ඩුව වට්ටන්න හදන එක, රටට ආදරේට නෙමෙයි, මෙම ප්‍රස්න හැම රටකටම තියෙනවා, අද ඉන්දියාවේ, බන්ගලාදේශේ, පකිස්තානේ, වියට්නාමේ තෙල්, ගෑස් පෝලිම්, අපේ රටේ තාම නැහැ, විපක්ෂය බලන් හිටියේ රට ගිනිගන්නකන්, ආන්ඩුව වට්ටන්න, මේ ජනතාවගේ රජයක් ඒ මෝඩ බලාපොරොත්තු ඉටුවන්නේ නැහැ.