IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලෝකයේ ලංකා පංගුව අත්කර ගන්න හැටි ජනපති කියයි

(අංජුල මහික වීරරත්න)

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම  නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .

නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවද ජනාධිපතිවරයා කීය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති උත්සවයට එක්වෙමිනි

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතින අතර  එම අවශ්‍යතා ලබා ගන්නා මාදිලිය පමණක් වෙනස් වන බවද, නව උත්පාදනය තුළින් එම මාදිලිය නිර්මාණය කළ හැකි බවද කියා සිටියේය. 

තාක්ෂණයට සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳ පොළේ ශ්‍රී ලංකාවට හිමි තැන අත්පත් කර ගැනීමට අසමත් වූ බව කී ජනාධිපතිවරයා  ලෝකයේ තාක්ෂණය සමඟ වෙළෙඳපොළ  මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් ශ්‍රී ලංකාව තේ, පොල්, රබර්  වැනි පැරණි සංකල්පයක හිරවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණය සමඟ එක්ව නවෝත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ පළමු සමාගම් 10න් 5ක්ම තාක්ෂණය පදනම් කරගත් සමාගම් බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂය නොසලකා තිබූ බවත් ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් ලබාදී සංවර්ධනය කරා ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (9)

ලෝකයේ ලංකා පංගුව අත්කර ගන්න හැටි ජනපති කියයි

ජිල්බු Wednesday, 08 January 2025 06:48 PM

සෑර් සහෝදරය අපිට අනෙකා දියුණු වෙනකොට බලං ඉන්න බැරිකම, අපේ කුහකකම, ඉගෙන ගත්තත් තියෙන බයි ගතිය, මිත්‍යා විශ්වාස වගේ ඒවා මාර්කට් කරොත් ආර්ථිකේ මාස තුනෙන් ගොඩ...

:       9       26

යෝගා Thursday, 09 January 2025 06:17 AM

ඔය ටික කියන්න ලියලා දුන්නේ මහ බැංකු අධිපති තුමාද? කියන්න පුළුවන් වුණාට කරගන්නනේ බැරි.

:       14       15

Kasun Thursday, 09 January 2025 06:34 AM

තව ගොඩක් ආව දැනගෙන හිටියා... සියට 70 කින් විදුලි බිල අඩු කරන හැටි... මෙයාගේ කොන්දේසි වලට අයිඑම්එෆ් ණය ගන්න හැටි. කොමිස් නැතිව මිල බස්සන හැටි.. එකි නොකි සියලු දේ දන්න කෙනෙක් තමයි මෙයා

:       13       18

සෙනෙවිරත්න Thursday, 09 January 2025 12:44 PM

ඇයි මේ කුහක ඒවා කරන්නේ. මේවා කෙරෙනවට දුකයි වගේ නේද, අනුරට කවුරුත් මේවා ලියලා දෙන්න අවශ්‍යය නැහැ. ඒක සජිත්ට රනිල්ට තමයි අදාල. මේව කෙරෙනවට කුහක කතා එපා .

:       16       2

Gavin Thursday, 09 January 2025 05:24 PM

සෙනවිරත්න අපුල්ලන්න හෝදන්න පටන් අරන්

:       0       3

Kamal Thursday, 09 January 2025 06:00 PM

සෙනවිරත්නට හොඳට හෝදන්න පුළුවන්

:       0       3

Pankumburage Thursday, 09 January 2025 06:20 PM

රනිල්ට උපදේශකයො 82 ක්‌ ද කොහෙද හිටිය ඕක ලියල දුන්නෙ නැහැ නෙ. කුහකකම.

:       0       0

සාලිය Friday, 10 January 2025 07:41 AM

E traffic app එක playstore තියෙනවද?

:       0       0

PRASANNA Friday, 10 January 2025 08:31 AM

තවත් උණු උණු පචයක්!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site