
(යොහාන් භාසුර)
හමුදා නිලධාරීන් පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව දීමට සූදානම්වීමට විරෝධය දක්වමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් යූනියන් දුම්රිය රියදුරන් අද (17) මාධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් ඩී. සී. එදිරිසිංහ මහතා පැවසීය.
දුම්රිය රියදුරු සේවයට බඳවාගත් නවක රියදුරන් සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (17) පැවැති රැස්වීමකදී හමුදා නිලධාරීන් පිරිසක් ද දුම්රිය රියදුරු පුහුණුව ආරම්භ කරන්නේ යැයි හෙළිකිරීමත් සමඟ එම සාකච්ඡාව අසාර්ථක වූ බවත් ඒ අනුව එම සංගමයේ විධායක කමිටුව රැස්වී අද මාධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය සේවාවලින් ඉවත්වීමට තීරණය කළ බවත් එදිරිසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකද ? හමුදාව ඕනෙම දෙයකට රෙඩි වෙලා ඉන්න එක රටට හොඳයි
හමුදා නිලධාරීන්ගේ පුහුණුව ඉතා හොඳයි. හදිසි ආපදා හා වෘත්තීය වර්ජන හමුවේ මෙය ඉතා වැදගත්ය.
බහුතරයක් රටක් විදියට හිතන්නේ නැතිව , තමන්ගේ පුද්ගලික උවමනාවන් මතම මේ රට දුවල මේ රට කුණු කොල්ලෙටම වැටුන ,ඒ එක්කම තමන්ගේ ජීවිතත් ,තමන්ගේ දරුවන්ගේ ජීවිතත්,කුණු කොල්ලෙටම වැටුන කියල හැමෝම තේරුම් ගන්න ඕනේ.කිසි කෙනෙක් ට ඒවායින් මිදෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පරණ චන්ඩි කම් නොදා, රටට යහපතක් වෙන හැම වෙලාවේම රටට සහය දෙන්න, ඒ වයි ප්‍රතිපල දැන් නැතත් තව අවුරුදු කිහිපයකින් හරි එයයි.