(විනීතා එම් ගමගේ)
ශ‍්‍රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද ඇතැයි පැවසේ.
මෙරට අධිකරණ හා හමුදා අධිකරණ මඟින් ලබාදුන් නියෝග මත මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇති බවත් හමුදා අංශවලට අයත් පිරිස හැරුණු විට මෙම තහනමට ලක්ව සිටින අය අතර දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික අන්තවාදීන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති අය සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස් රටින් පිටවීම වැළැක්වීම සඳහා රජයේ බුද්ධි අංශ කණ්ඩායම්, ගුවන්තොටුපොළ, සිවිල් ගුවන් සේවා බලධාරීන්, ආගමන විගමන නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර එම කණ්ඩායම්වල ප‍්‍රයෝජනය සඳහා නවීන උපකරණ ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සීරුවෙන් තබා ඇති බවත් පැවසේ.
ගුවන් ගමන්වල යෙදෙන මගීන් පිළිබඳ තොරතුරු කල්වේලා ඇතිව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අදාළ අංශවෙත උපදෙස් දී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලාංකිකයින් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්
dayan Monday, 24 September 2018 09:22 AM
ශ්‍රී ලංකාවේ සිට විදේශ ගතවෙන්න ගුවන් ගමන් බලපත් ලබාගත් අයගේ ලේඛනයක් ආගමන හා විගමන පාලක ආයතනය හා සම්බන්ධ කිරීම තුළින් ගුවන් තොටුපලට යන්න කලින් නිතිය ක්‍රියාත්මක කළ හැක .
sirimal Monday, 24 September 2018 10:39 AM
කිසිම තේරුමක් නැති වැඩක්. උසාවියෙන් විදේශ ගමන් අත් හිටුවනවා. නමුත් ඒ කට්ටියට යන්න අවශ්‍ය උනහම උසාවියෙන්ම විදේශ ගමනක් සඳහා තාවකාලික අවසරයක් ලබාදෙනවා. විදේශ ගමන් තහනම් කල කීදෙනෙක් උසාවියෙන්ම අවසර ලබාගෙන අවශ්‍ය අවස්ථා වලදී පිටරට ගිහින් තියෙනවාද? මේවා නිකන් කාලය සහ සල්ලි ගිලින වැඩ.
rohana kumaraMonday, 24 September 2018 12:28 PM
සිරිමල් සහතික ඇත්ත ඔයාගේ කතාව. ඒත් දුප්පත් අයට එහෙමවත් බැහැ
Gihan Monday, 24 September 2018 11:21 AM
හමුදාවෙ 30000කට එකවර තහනම පැනවුනේ කොහොමද?
lalith Monday, 24 September 2018 09:40 PM
දේශපාලනඥයන් ඉන්නවනම් ඒ ලේඛනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන් ඉන්නම එපැයි. ඒත් මේ අනිත් පිරිස ගැන තමයි කණගාටු.