IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ පැවසීය.

ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා  අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද ඇමෙරිකා තානාපතිනිය ප්‍රකාශ කළාය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung) මහත්මිය අතර  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්  ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්  මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය  සහයෝග  ලබාදීමට සූදානම් බව ද මෙහිදී ඇමෙරිකා තානාපතිනිය සඳහන් කළාය.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික විය.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර ඇත.a



අදහස් (8)

ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය

sunil Tuesday, 08 October 2024 02:49 PM

චන්දයට පෙර, අනුරට ඉංග්‍රීසි බෑ . ජාත්‍යන්තරය දිනන්න පුළුවන් රනිල් ට පමණයි කියා ජනතාව නොමග යැවීමට දරපු අය දැන් වත් ඒ සියල්ල බොරු තර්ක බව ජනතාවට ඇවිල්ල කියල ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි.

:       5       41

Nihal Dharmatileke Tuesday, 08 October 2024 02:56 PM

ඇමරිකානුවන් ඇතුවත් බෑ නැතුවත් බෑ

:       7       24

කිරිහාමිTuesday, 08 October 2024 05:45 PM

ලංකාවේ විතරක් නොවේ, ලෝකෙ අනික් රටවලිනුත් මිනිස්සු ඇමරිකාව, (Schengen) යුරෝපෙ, ඔස්ට්‍රේලියාව, ජපානය වගේ රටවල් වල සංචාරයට, පදිංචියට යන්නෙ ඇයි? විශේෂම හේතුවක් නැත්තං (ස්නෝඩ්න් වගේ), රුසියාවෙ, චීනෙ, එහෙම නැත්තං අරාබි රටවල පදිංචියට නොයන්නෙ ඇයි? හේතු හොයාගත්තනං තේරුම්යයි "ඇමරිකන් මොඩ්ල්" එක අනික් ඒවට වඩා හොඳයි කියලා. ඒකෙන් මම අදහස් කරන්නෑ මේ මොඩලය වැරැදි නෑ කියලා.

:       0       0

sukitha Tuesday, 08 October 2024 03:25 PM

රුසියාව චීනය සමඟ අපට කැමති විදියට ගනුදෙනු කරන්න දෙන්න. ඊට වඩා වැඩි සහයෝගයක් තවත් නැහැ.

:       5       22

ajithWednesday, 09 October 2024 11:45 AM

එහෙම වෙනවා නම් හොඳයි. නමුත් එය යථාර්ථයට පටහැනි සිහිනයක්...!

:       0       0

ජිල්බු Tuesday, 08 October 2024 05:28 PM

මට ඡන්දෙට කලින් ඉංග්‍රීසි බෑ. ඡන්දෙට පස්සෙත් බෑ.

:       0       0

Dias R Wednesday, 09 October 2024 01:31 AM

බලාගෙන....ජුලී චුන්ග් ඈමෙරිකන් බොරුකාර ආගමික ප්‍රචාරක කට්ටියක්...

:       0       0

don Wednesday, 09 October 2024 04:49 AM

ඇමෙරිකාව නැතුව රටකට ගොඩයන්න අමාරුයි. ඒක මතක තියාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site