
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ පැවසීය.
ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද ඇමෙරිකා තානාපතිනිය ප්‍රකාශ කළාය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung) මහත්මිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බව ද මෙහිදී ඇමෙරිකා තානාපතිනිය සඳහන් කළාය.
වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික විය.
යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර ඇත.a
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දයට පෙර, අනුරට ඉංග්‍රීසි බෑ . ජාත්‍යන්තරය දිනන්න පුළුවන් රනිල් ට පමණයි කියා ජනතාව නොමග යැවීමට දරපු අය දැන් වත් ඒ සියල්ල බොරු තර්ක බව ජනතාවට ඇවිල්ල කියල ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි.
ඇමරිකානුවන් ඇතුවත් බෑ නැතුවත් බෑ
රුසියාව චීනය සමඟ අපට කැමති විදියට ගනුදෙනු කරන්න දෙන්න. ඊට වඩා වැඩි සහයෝගයක් තවත් නැහැ.
මට ඡන්දෙට කලින් ඉංග්‍රීසි බෑ. ඡන්දෙට පස්සෙත් බෑ.
බලාගෙන....ජුලී චුන්ග් ඈමෙරිකන් බොරුකාර ආගමික ප්‍රචාරක කට්ටියක්...
ඇමෙරිකාව නැතුව රටකට ගොඩයන්න අමාරුයි. ඒක මතක තියාගන්න.