(රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිපදවෙන රෝද තිස් අටක ආධාරයෙන් ධාවනය කෙරෙන ටොන් සීයක් රැගෙන යා හැකි ආධාරක දෙකේ ටුවින් ඇඩප්ටර් ටේලරයක් නිෂ්පාදනය කිරීමට දුම්රිය මැදිරි නිමවන දේශීය කර් මාන්තකරුවකු වන තන්ත්‍රී සමාගම සමත් වී ඇත.
මෙතෙක් යුරෝපා රටවල් දෙකක පමණක් නිපදවා ඇති මෙම රෝද තිස්අටේ දිගින් වැඩි රථය මාර්ගයේ දාවනය කිරීමට ශ්රී ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ පොලිස් රථවාහන අංශය එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කොට ඇත.
ඒකල ප්‍ර දේශයේ ආරම්භක කිරීමට නියමිත සිමෙන්ති නිෂ්පාදනාගාරයක් මෙරටට ආනයනය කල විශාල බීම් එකක් සහිත යන්ත්‍රයක් මැද ආධාරකයක් නොමැතිව ප්‍ර වාහනය කිරීමේ අවශ්‍යතාවට අනුව මෙම විශේෂ ටේලරය මෙරට දී නිෂ්පාදනය කොට ඇත.
හයිඩ්රොනලික් බලයෙන් වැඩ කෙරෙන රියදුරුන් දෙදෙනකුගේ ක්‍රියාකාරීත්වය සහිතව ධාවනය කෙරෙන මෙම ටේලරයේ පොළොව උස් වූ ස්ථානයන් අසලින් ප්‍ර වාහනය කෙරෙන විට උපාංගය උත්සාහ රැගෙන යාමටත් ඉහළින් වයර් නොගෑවෙන ආකාරයෙන් උපාංගය පහත්කොට ප්‍ර වාහනය කිරීමද හැකියාව ඇත.
මෙම රථය පිළිබඳව අදහස් දැක්වීම්ට දේශීය කර්මාන්ත කර් මාන්තකරුවකු වන තන්ත්‍රී සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රී මහතා එක් වූ අතර ඒ මහතා පැවසූයේ මෙම ටේලර් ඒ ආධාරයෙන් ප්‍ර වාහනය කළ සිමෙන්ති නිෂ්පාදන යන්ත්‍රය වරායේ සිට එම කම්මල පිහිටි එකලට රැගෙන යාමට රථයක් මෙරට නොතිබූ බවයි.
දිග අඩි අසූවකින් සහ විශ්කම්භය අඩි දාසයකින් මෙන්ම බරින් ටොන් 80ක බරින් යුතු බවයි එවැනි බරසාර උපාංගයක් ප්‍ර වාහනය කිරීමට නව රථයක් මෙරටට ආනයනය කරන්නේ නම් ඒ සඳහා මිලියන 80 වැයවීමට තිබු බව ඔහු පැවසීය.
කිසිදු වාහනයක් මෙරට නොමැතිව තිබූ තමාට ලැමාට ලැබුණු අවස්ථාව තමා නිසියාකාරයෙන් මෙහෙයවූ බව බව සඳහන් කරන ඒ මහතා කැලණිය පිහිටි කර් මාන්තායතනයේ සේවකයින් විස්සකගේ සහයෝගය ඇතිව මිලියන 40 ක වියදමින් මෙම නව රථය මෙරටදී නිෂ්පාදනයකි කිරීමට තමා පියවර ගත් බව පැවසීය.
දේශීය කර් මාන්තකරුවෙකු වන තමා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ද එක්ව දුම්රිය මැදිරි නිමවීම මේ දිනවල සිදුකෙරෙන බව සඳහන් කළ ඒ මහතා රජයෙන් නිසි සහය සහයෝගය ලැබෙන්නේ නම් දේශීය කර්මාන්තකරුවන්ට තව තවත් නව නිපැයුම්වලට යොමුවීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් පැවසීය.
වැඩි දිගකින් යුතු මෙම රථය අපගේ මාර් ග පද්ධතියේ ධාවනය කිරීමේදී පටු ස්ථානයන්හි හරවාගැනීම ඇතැම්විට ගැටළු සහගත වූ බව සඳහන් කරන ඒ මහතා මේ සම්බන්ධයෙන් මාර්ගයේ පෙරහුරුවක් ද සිදුකළ බව ඒ මහතා පැවසීය.
එකී පෙරහුරුව ට අනුව හඳුනාගත් බාධකයක් වූ ජා ඇල ඒකල පොළ හන්දියෙ සංවර්ධන මණ්ඩලයේ තාප්පය ද අවසර සහ අනුදැනුම ඇතුව කඩා ඉවත් කොට රථය ධාවනය කිරීමට පියවර ගත් බව ඒ මහතා පැවසීය.
විශේෂ වූ යන්ත්‍ර ප්‍ර වාහනයේදී මාර්ගයේ ඇති විදුලි රැහැන් සහ ටෙලිකොම් රැහැන් වලට සිදුවිය හැකි හානි සහ මාර්ගයේ සිදුවිය හැකි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් විදුලි,ටෙලි කොම්,සහ පොලිසිය මෙන්ම වරාය මේ සඳහා එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.
ශ්රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාවේ ප්‍රථම වතාවට ටොන් 100 ගෙනයාහැකි ටේලරයක් නිපදවයි
Amcs Atapattu Tuesday, 04 October 2022 04:55 PM
රෝද කීයක් තියෙනවද?
sena Tuesday, 04 October 2022 05:31 PM
වාහනේ 80, ගෙනියන බර 100... ටොන් 180ක් යන්න පුළුවන් පාරවල් අපේ රටේ තියෙනවද?
චින්තක Tuesday, 04 October 2022 05:38 PM
ජයවේවා !!! මෙවැනි කර්මාන්ත තවතවත් ඇතිවේවා...!
Mr Don Tuesday, 04 October 2022 07:55 PM
හොඳ වැඩක්... ඔහොම යමු... සුබපැතුම්..!!!
pakeer Tuesday, 04 October 2022 08:47 PM
හදවතින්ම සතුටුයි... බලන්න කොහොමහරි මේක අපනයනය කරන්න පුළුවන්ද කියලා...? අන්න ඒවා තමයි විදේශ ඇමැතියා කරන්න ඕනේ...!
SL Tuesday, 04 October 2022 08:50 PM
නියමයි...!
ජයන්ත Tuesday, 04 October 2022 08:57 PM
6 වීල් ටිපර් රථයක සමාන්‍යයෙන් වැලි කියුබ් 10 කට වඩා ගෙනියනවා. (බර ටොන් 1.6 X 10) ටොන් 16 ක බරක්. තෙත බර සමග ගත්තොත් ටොන් 20ක් පමණ වෙනවා. ටිපර් රථයේ බරත් සමග ටොන් 25ක පමණ බරක් අර රෝද 6 දරාගන්නවා...
Perera Tuesday, 04 October 2022 11:17 PM
ජීවන බර අදින්න මමත් එකක් ගන්න බැලුවා... ගාන වැඩියි... මට ගන්න බැහැ.
ලුම්බිණි Wednesday, 05 October 2022 04:56 AM
සුබපැතුම්...! ජයවේවා...!
Anura Wednesday, 05 October 2022 08:50 AM
සුබපැතුම්..., විය යුත්තේ මෙයයි. තව තවත් නව නිපැයුම් හඳුන්වා දීමට අවස්ථාව ලබාදිය යුතුයි...
Ajith D.L Wednesday, 05 October 2022 09:37 AM
ඇඬෙනවා... සුපිරි කම්පැනි එකක්...!
ආර්ජිඑන් . ආරියවංශ Wednesday, 05 October 2022 06:26 PM
මේ රටේ උගත්, බුද්ධිමත්, නිර්මානශීලි මානව සම්පතක් ඉන්නවා. හොඳ මෙහෙයවීමක් තියෙනවා නම් ඕනෑම අභියෝගයක් බාරගෙන කරන්න පුළුවන්... ඒකට අවශ්‍යතාවක් දෙන්න. සැහැල්ලු දුම්රිය මැදිරිත් මේවගේ හදනවා නම් කොපමණ ඉන්ධන ඉතුරු වෙයිද?
Bamunuarachchi Thursday, 06 October 2022 07:16 AM
ටේලරයක් නිපද වීම හොඳයි .හැබැයි පාරවල් වල තත්වය කොහොමද? මම පොඩිකාලේ වෙසක් කුඩුවක් හැදුවා වගේ හිටී. කාමරේ තියන් ලොකු වෙසක් කුඩුවක් හැදුවා .හැබැයි කාමරෙන් එලියට ගන්න බැරිඋනා. ටොන් 100 බරක් මහනුවරට ගෙනියන්න් පුලුවන් වෙයිද?
Ajith Nanayakkara Tuesday, 04 April 2023 05:24 PM
ලංකාවේ හොඳ විශිෂ්ඨ වැඩක්...