( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මුන්දලම විල්පොත පදිංචි කළුමරක්කලගේ රේණුකා ඉන්ද්‍රකාන්ති නැමති දෙදරු මවකි.
ඇය වසර 35 කට ආසන්න කාලයක් මැද පෙරදීග රටවල ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇති බවත් අවසන් වරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙ ඩුබායි නගරයෙ සේවය කරමින් සිට ඇති බව ඥාතින් පවසති.
එසේ සේවය කරමින් සිට සති කිපයකට පෙර මෙරටට පැමිණි මෙම කාන්තාව යම් මානසික අපහසුතාවයකින් සිටිම නිසා එය සුව කරගැනීමට එම ස්ථානයට ගොස් ඇතැයි ඥාතීහු කියති.
එහිදී ජල බෝතල් කිපයක් පානය කිරීමට දි ඇති අතර පසුව යම් රෝගී තත්වයකින් රෝහල්ගත කිරීමෙන් අනතුව ඇය මියගොස් ඇතැයි පොලීසිය කියයි.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දු
විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.
විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.
චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක
ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
Achini Wednesday, 24 April 2024 07:22 PM
ජෙරම් ගාවට නොවෙයිද ගියේ?
ජගත් ලියනගේ Wednesday, 24 April 2024 07:47 PM
ලංකාවේ මිනිස්සු තරම්, මිථ්‍යා මත විශ්වාස කරන මිනිස්සු, මේ ලෝකයේ වෙන කොහේවත්ම නැතුව ඇති...
Nihal Wednesday, 24 April 2024 08:39 PM
අපේ කෂ්ටිය බටහිර ඉබ්බෝ දාලා වහලා පාලුවට ගිය දේව ස්ථාන ඇරගෙන ලෙඩ සුව කරනවා,රැකියා සොයලා දෙනවා,වැඩිම ප්‍රචාරය වර්ක් පර්මිට් ලබාදීමයි ආත්ම ශක්තිය නැති නූගත් මිනිස්සුන් දක්කනවා නියමෙට
වීරසිංහ Wednesday, 24 April 2024 08:43 PM
යාඥා කිරීමෙන් ලෙඩ සුවකරන යෙහෝවාගේ සාක්ෂි කරුවන්. මෙයලා රෝහල් වලට ඇවිත් සනීප වෙන්න ලඟයි වගේ අයට පත්‍රිකා බෙදලා කියනවා "සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නාමයෙන් අපිට ඔබව යාඥා කිරීමෙන් සුව කල හැකියි. අපේ පල්ලියට එන්න." කියලා. පස්සේ කියනවා "අපේ ආගම තමයි හරි ඒකට බැදෙන්න" කියලා. මේ මෑතකදි යාපනය රෝහලෙත් පත්‍රිකා බෙදුවා.
Kumar Wednesday, 24 April 2024 08:49 PM
එක්සත් ජනපදයේ තරුණ කාන්තාවක්. තරඟයකදී විශාල ජල පරිමාවක් පානය කර මිය ගියේය. ඊට පස්සේ එහෙම තරග තහනම් කළා. ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත කාන්තාව අධික ලෙස ජලය පානය කිරීමට සැලැස්වූවා යැයි මම සිතමි.
මිලින්ද Thursday, 25 April 2024 06:20 AM
වරින්වර රටේ මෙවැනි දේවල් වරින්වර අහන්න ලැබෙනවා. එහෙම වෙලාවට හදිසි මරණ පරීක්ෂක කෙනෙකුවත් මෙහෙම ආයතන ගැන තීරණයක් ගන්න කියලා නියම කරන්නෙ නැහැ. කොහොම වුනත් රජයේ අවධානයට මේ මිනීමැරුම් ගැන යොමුවේවා .එලෙස යොමු වී මේවා තුරන්කිරීමට හා ලංකාව තුල ක්‍රියාත්මක කිරීම තහනම් කලහැකි පනතක් සම්මත වේවා මෙහෙම දේවල් ගැන ටෙලිනාට්‍ය හා චිත්‍රපටි සකසා ජනතාව මිත්‍යාවෙන් මුදාගැනීමට කලාකරුවන්ට හැකිවේවා
Jayamanna Thursday, 25 April 2024 10:52 AM
අනේ මෙහෙම නුගත් මැටි මෝල් මිනිස්සු... විශ්වාසය පස්සේ ගිහින් අපරාදේ ජිවිතය නැති කරගන්නවා