IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

(සුජිත් හේවාජුලිගේ )

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  මහතා   ප්‍රකාශ කරන්නේ   විදුලිය බල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන  විදුලිය බිල සියයට විස්සකින් අඩුකර එම සහනය  ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ට  නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි  විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී  ඉහළ යෑම  මණ්ඩලයේ  මූල්‍ය කාර්ය   සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයිද  කමිටුව පෙන්වා දෙයි.

විදුලිය මණ්ඩලය පසුගිය වර්ෂයේ දී ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත්  2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ  රුපියල් කෝටි 5100 ක මුදලද  ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.



අදහස් (2)

ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

අපකීර්ති වර්ණකුලසූරිය Monday, 06 May 2024 10:49 AM

මේ ඡන්දෙ කාලේ ඔච්චර අඩු කරන්න එපා. ඡන්දෙන් පස්සේ කොහොමත් ඕක වැඩිවෙනව‍ා. ඊට පස්සේ ඡන්දේ පැරදුණාම කියන්න පුළුවන්නේ අපි තමයි හොඳටම කරලා අඩුවටම දුන්නේ කියලා...

:       8       10

ජයනාත් Monday, 06 May 2024 02:30 PM

ඕක තමයි කලිනුත් කිවුවේ විදුලි බල කළුකඩ මුදලාලි ...කළු කඩයක් කරනව කියලා . දැන් බය වෙලා ඡන්දෙ ඉල්ලන්න යනවා... මෙ සැරේ මුදලාලි ගෙදර තමා...තාත්තා ට සප්පායම් කරගෙන ඉන්නවා .

:       4       8

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිවරණය පැවැත්වෙන දිනය කියයි
2024 මැයි මස 19 6 0

ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 හෝ 12 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
2024 මැයි මස 19 34 0

බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


‘බෙනී ගානට්ස්‘ගෙන් රතු එළියක්
2024 මැයි මස 19 250 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා


ගංගා,ඇළ,දොළ භාවිතයේදී පරිස්සම් වෙන්න
2024 මැයි මස 19 49 0

නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා


රක්ෂිතයේ නිධන් හෑරු 7ක් මාට්ටු
2024 මැයි මස 19 86 0

මන්නාරම, සිලාවතුර ,සිරිත්තෝප්පු රක්ෂිත කැලෑවේ නිධන් සොයමින් සිටි 07 දෙනෙකු අති නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් සමගින් අත්අඩංගුවට ගත් බවට සිලා


‘අයිස්‘ ළඟ තබාගත් පොලීසියේ දෙන්නාගේ වැඩ තහනම්
2024 මැයි මස 19 161 0

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කරන බව අපර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 796 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2014 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site